අඛණ්ඩව 9 වැනි වරටත් World Finance magazine සම්මානය සම්පත් බැංකුවට

80

එක්සත් රාජධානියේ උදරකා World Finance magazine විසින් සංවිධානය කරනු ලැබූ World Finance Banking සම්මාන උළෙලේදී අඛණ්ඩව 9 වැනි වරටත් ශ්‍රී ලංකාවේ හොඳම පාරිභෝගික බැංකුව හා හොඳම වාණිජ බැංකුව ලෙස සිය විශිෂ්ටත්වය තහවුරු කිරීමට සම්පත් බැංකුව පසුගියදා සමත් විය.

මෙම කීර්තිමත් ගෝලීය සම්මානයන්හිදී 2014 වසරේ සිට ශ්‍රී ලාංකේය අභිමානය ලොවට ප්‍රදර්ශනය කළ සම්පත් බැංකුව එහි ඉහළම ශ්‍රේණිගත කිරීම් අතරට එක් වූ එකම බැංකුව ද වේ.

ගෝලීය වශයෙන් පවත්වනු ලබන බැංකු හා මූල්‍ය සේවා අංශයට අදාල වඩාත් පිළිගත් සම්මානයක් වන World Finance Banking සම්මානය ආරම්භ කරනු ලැබුවේ 2007 වසරේදීය. මෙහිදී බැංකු හා මූල්‍ය ආයතනයන්හි කැපී පෙනෙන ජයග්‍රහණ, නවෝත්පාදන හා නායකත්ව විශිෂ්ටතා ඇතුළු නිර්ණායක රැසක් තුළින් එම ආයතන ඇගයීමට ලක් කරනු ලබයි.

ශ්‍රී ලංකාව මෙන්ම සමස්ත ලෝකයද සෞඛ්‍ය, දේශපාලන හා ආර්ථික අර්බුධ රැසකට මුහුණ දෙමින් සිටින පරිසරයක් තුළ සම්පත් බැංකුව විසින් මෙම සම්මානයන් දිනා ගැනීමට සමත්වීම විශේෂත්වයකි. ආයතනික නායකත්වය තුළින් සිය ස්ථාවර වර්ධනය අඛණ්ඩව පවත්වාගෙන යනු ලබන සම්පත් බැංකුව ගනුදෙනුකරුවන්ගේ සහ කර්මාන්තයන්හි විශ්වාසය හා ගෞරවය ඉහළ නංවා ගැනීමට සමත්ව ඇත.

World Finance Banking සම්මාන උළෙලේදී සම්පත් බැංකුව හිමිකරගත් මෙම විශිෂ්ටත්වය පිළිබඳ අදහස් දැක්වූ සම්පත් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ නන්ද ප්‍රනාන්දු මහතා “ලෝකයේ හොඳම බැංකු හා මූල්‍ය සේවා සපයන්නන් අතරට එක් වීමට ලැබීම මෙන්ම අඛණ්ඩව 9 වැනි වරටත් World Finance Banking සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ හොඳම පාරිභෝගික බැංකුව හා වාණිජ බැංකුව ලෙස අපගේ විශිෂ්ටත්වය තව දුරටත් ස්ථාවරව පවත්වා ගැනීමට හැකිවීමත් අප ලද සුවිසල් ගෞරවයක් ලෙස සැලකීමට කැමතියි. මෙය අපගේ ගනුදෙනුකරුන්ගේ, ආයෝජකයින්ගේ සහ ව්‍යාපාරික හවුල්කරුවන්ගේ විශ්වාසය, සහයෝගය හා ඔවුන්ගේ පිළිගැනීම මෙන්ම සම්පත් බැංකු සාමාජිකයින්ගේ ව්‍යවසායකත්ව විශිෂ්ටත්වය තුළින් ලබාගත් අසමසම ජයග්‍රහණයක් ලෙස සඳහන් කළ හැකියි. මෙම සම්මානයන් තුළින් අප ලබන දිරිමත් බව, ගනුදෙනුකරුවන්ගේ හා පාර්ශවකරුවන්ගේ අනාගතය වෙනුවෙන් වඩා වැඩි සේවාවක් ලබා දීමට අපට ඉමහත් ශක්තියක් සපයන බව නොඅනුමානයි.” යනුවෙන් පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment