අඛණ්ඩ විදුලි කප්පාදුවට, බඩු මිල ඉහළ යෑමට එරෙහි  කැරලිකරුවෝ ලිබියාවේ පාර්ලිමේන්තුවට ගිනි තබති

228

විරෝධතාකරුවන් ලිබියාවේ නැඟෙනහිර මොබ්රුක් නගරයේ පිහිටි පාර්ලිමේන්තුවට කඩා වැදී ගොඩනැඟිල්ලේ කොටසකට ගිනි තබා (අඛණ්ඩව විදුලි කප්පාදුව, භාණ්ඩ මිල ඉහළ යෑම සහ දේශපාලන අර්බුදයට එරෙහිව මෙලෙස විරෝධතාකරුවෝ පාර්ලිමේන්තුවට ගිනි තැබූහ.

 මෙම අර්බුදයට එරෙහිව ලිබියානු නගරවල රැලි පවත්වා ඇත.

 ප්‍රතිවාදී පරිපාලනයක් යටතේ පාලනය වන ටි්‍රපොලි විරෝධතාකරුවෝ මැතිවරණයක් ඉල්ලා සිටිති.

 රටේ සියලුම ආයතන වෙනස් කළ යුතු බව පැවසූ අන්තර්වාර එක්සත් රජයේ ප්‍රධානියා වන අබ්දුල් හමීඩ් විසින් ඔවුන්ගේ ඉල්ලීමට සහය පළකර ඇත.

 මෙම නොසන්සුන්තාවය ඇතිවන්නේ ඡන්දයකට මගපෑදීමේ අරමුණින් ජිනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මැදිහත්වීමෙන් පැවැති සාකච්ඡාවල සාර්ථකත්වයෙන් දිනකට පසුය.

 2011 දී දිගු කලක් බලයේ සිටි පාලක කර්නල් මුවම්මර් ගඩාෆි බලයෙන් පහකළ නේටෝ සහය ලත් අරාබි වසන්තය නම් වූ අරගලයෙන් පසු මේ වන විට ලිබියාව අවුල් ජාලයක පවතී.

 යුරෝපයට සංක්‍රමණය කරන දහස් ගණන් ජනතාවගේ ප්‍රධාන පිටවීමේ ස්ථානයක් වන ලිබියාව තෙල්වලින් පොහොසත් රටකි.

 නිදහස් සෞඛ්‍ය සේවා සහ නිදහස් අධ්‍යාපනය සමඟ ඉහළම ජීවන තත්ත්වයක් තිබූ ලිබියාව ගඩාෆි බලයෙන් පහකර ටි්‍රපොලි ප්‍රතිවාදීහු පාලන බලය ලබා ගත්හ. ඔවුන් අතර ද නිතර ගැටුම් පවතී.

advertistmentadvertistment
advertistmentadvertistment