අඛණ්ඩ විදුලි සැපයුමකට නොපමාව විදුලි බිල ගෙවන්න…. ලංවිම ඉල්ලයි

184

අඛණ්ඩ විදුලි සැපයුමක් සඳහා විදුලි බිල් නිසි කලට ගෙවීම අත්‍යවශ්‍ය බැවින් නොපමාව විදුලි බිල්පත් ගෙවීමට කටයුතු කරන මෙන් පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටින බව ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ඉංජිනේරු එම්. ආර්. රණතුංග මහතා ඊයේ (07 වැනිදා) ‘දිවයින’ට පැවසීය.

නිවසේ සිට ආරක්ෂාකාරී ලෙස විදුලි බිල්පත් ගෙවීමට හැකි බවත්, ඒ සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ වෙබ් පිටුව හෝ CEB Care ජංගම දුරකථන යෙදවුම භාවිත කළ හැකි බවත් හෙතෙම පැවසීය.

අඛණ්ඩ විදුලි සැපයුමකට නොපමාව විදුලි බිල ගෙවන්න.... ලංවිම ඉල්ලයි

අත්‍යවශ්‍ය වියදම් පියවා ගැනීම සහ ජනන අවශ්‍යතා සඳහා ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයට විශාල පිරිවැයක් දැරීමට සිදුවන බවත් ඒ සඳහා බිල්පත් මගින් ලැබෙන ආදායම මහත් පිටිවහලක් බවත් රණතුංග මහතා කීවේය.

පවතින වසංගත තත්ත්වය හමුවේ දෛනික විදුලි පරිභෝජනය ඉහළ ගොස් ඇති බවත් අපහසු තත්ත්වයක් තුළ ලංවිම සිය ජාතික යුතුකම නොපිරිහෙළා ඉටු කරමින් සිටින බවත් සාමාන්‍යාධිකාරී ඉංජිනේරු එම්. ආර්. රණතුංග මහතා කීවේය.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment