අගමැතිගෙන් දීපවාලි සුබ පැතුම්

141

රට ගොඩනඟන සෞභාග්‍යයේ දැක්ම යන රජයේ ජාතික ප්‍රතිපත්තියට අනුකූලව බාධක රැසක් ජයගනිමින් අපි ප්‍රබුද්ධ සංවර්ධන මාවතක් උදෙසා ගමන් කරමින් සිටිමුග අපේ ජාතිය සෑම ක්ෂේත්‍රයකම ප්‍රගතිය දැකීම අප කාගේත් අපේක්ෂාවයි.

අද ලෝකයටම තර්ජනයක් වී ඇති කොවිඩ් 19 වසංගතයෙන් ශ්‍රී ලාංකීය ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා අපි ප්‍රගතිශීලී සහ ඵලදායී ක්‍රියාකාරකම් රැසක් සිදු කරමින් සිටිමුග සියලු දෙනාගේ සිතුම් පැතුම් ඉටුවීල ශ්‍රී ලංකාව සමෘද්ධිමත් ජාතියක් ලෙස දියුණු වන යහපත් අනාගතයක ආරම්භය ලෙස මෙම දීපවාලි උත්සවය දිනය උදා වේවා.

අඳුරු මාවතක ආලෝකය ඇත්නම්ල එය අප යන මාවතට සහාය වනු ඇත.

දීපවාලි යනු එවැනි අධ්‍යාත්මික ප්‍රඥාවේ ආලෝකය නමස්කාරය තුලින් ලබා ගන්නා සුවිශේෂී දිනයකි. දීපවාලි උත්සවය ඉතා භක්තියෙන් සමරන සියලුම හින්දු බැතිමතුන් වෙනුවෙන් මාගේ සුභාශිංසන එක්කරන්නේ ඉමහත් සතුටුනි. ජාතික සමගිය සැමරීමට මෙය විශිෂ්ට දිනයකි.

advertistmentadvertistment
advertistmentadvertistment