අගමැතිගෙන් විශේෂ ප‍්‍රකාශයක්

435


රට තුළ පවතින ගැටලු විසඳීමට පාර්ලිමේන්තු නියෝජනය කරන සියලු පක්ෂවලට පෙරට එන ලෙස ඉල්ලා සිටියත් කිසිම පක්ෂයක් එම වගකීම ගැනීමට සූදානම් නැති බවත් එබැවින් එම ගැටලු විසඳීමට රජය පියවර ගන්නා බවත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා විශේෂ ප‍්‍රකාශයක් කරමින් පැවසීය.
තමාටත් පවුලේ අයටත් මේ වනවිට සිදුකරන අපහාස ගැටලුවක් නැති බවත් රට බේරාගත් සහ කොවිඩ් වසංගතය හමුවේ දිවි පරදුවට තබා කටයුතු කළ රණවිරුවන්ට අපහාස නොකරන ලෙස තමා මේ වන විට විරෝධතාවයේ යෙදී සිටින දූදරුවන්ගෙන් ඉල්ලා සිටින බවද පැවසීය.එසේම අහිමිවීම මෙන්ම අත්හැරීම්ද දේශපාලනයේදී හුරුපුරුදු යැයි පැවසූ අගමැතිවරයා රට තුළ පවතින ගැටලු විසදීමට ජනාධිපතිවරයාගේ සිට ආණ්ඩුව වැඩපිලිවෙක් සකස්කර ඇති බවත් ඉතා ඉක්මනින් ගැටලු විසඳීමට කටයුතු කරන බවද කීවේය.සම්පූර්ණ ප‍්‍රකාශය සඳහා දිවයින ෆේස් බුක් පිටුව බලන්න.

advertistmentadvertistment
advertistmentadvertistment