අගමැතිගේ ඉල්ලීමකට චීනයෙන්  යුවාන් මිලියන 300 ක ප්‍රදානයක්

171

චීනයෙන් ශ්‍රී ලංකාවට තවත් ඇමරිකානු ඩොලර් මිලියන 76 ක (යුවාන් මිලියන 300 ක) ප්‍රදානයක් සිදු කර ඇත. අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ චීන අගමැති ලී කෙකියැන්ංග් මහතා අතර පසුගිය අප්‍රේල් 22දා පැවැති දුරකථන සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ, ආහාර, ඉන්ධන සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සපයා ගැනීම සඳහා චීන රජය මෙම ප්‍රදානය සිදු කර තිබේ.

මෙම දුෂ්කර අවස්ථාවේදී චීන රජය ශ්‍රී ලංකාවට ලබාදෙන අඛණ්ඩ සහාය අගය කරමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා චීන අගමැති ලී කෙකියැංග් මහතාට සහ චීන රජයට ප්‍රණාමය පුද කළේය.

අනුර බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment