අගමැතිගේ තෙල් මිල ඉහළ දැමීමේ කතාවත් සමග අනුරාධපුරයේ පෙට්‍රල් මාෆියාවක්

200

බෝතලය රුපියල් දාහට හත්සිය පනහට විකුණනවා – ජනතාව කියති

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉන්ධන හල් මගින් ඉන්ධන නිකුත් කළත් පෝලිම්වල කිසිදු අඩුවක් නැහැ. මෙයට හේතු වී තිබෙන්නේ ඉන්ධන මාෆියාවක් ඇති වී තිබීම යැයි ජනතාව පවසති.

ඉන්ධන මිල වැඩි කරනවා යැයි අගමැති පැවසීමත් සමග මෙම තත්ත්වය තවත් වැඩිවෙලා. ඉන්ධන ජාවාරම්කාරයන් තෙල් ගබඩා කිරීම වේගවත් කරලා. ඒක නිසා සාමාන්‍ය ජනතාවට තෙල් ගන්න විදියක් නෑ. රුපියල් දාහට හත්සිය පනහට පෙට්‍රල් විකුණනවා. සමමර ත්‍රිවිල් රියැදුරන් පෝලිමේ පදිංචිවෙලා. ඔවුන් ගන්න තෙල් වැඩි මිලට අලෙවි කරනවා යැයි ප්‍රදේශවාසීහු වැඩිදුරටත් පැවසූහ.

නොච්චියාගම – එම්. එම්. පී. ජී. පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment