අගමැතිගේ නිවසට ගිනි තැබූ තිදෙනෙක් රිමාන්ඩ් – ගිනි තබා තිබෙන්නේ පෙට්‍රල් දාලා

457

තවත් පිරිසක් අල්ලන්න පරීක්‍ෂණ

අපේ සම්බන්ධයක් නෑ – අරගලකරුවෝ කියති

අගමැතිගේ නිවසට ගිනි තැබූ තිදෙනෙක් රිමාන්ඩ් - ගිනි තබා තිබෙන්නේ පෙට්‍රල් දාලා

කොල්ලුපිටියේ පිහිටි අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ප්‍රහාර එල්ල කර ඊට ගිනි තබා විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය මගින් පුද්ගලයන් තිදෙනකු ඊයේ (10 දා) අත්අඩංගුවට ගෙන ඇත.

අගමැතිගේ නිවසට ගිනි තැබූ තිදෙනෙක් රිමාන්ඩ් - ගිනි තබා තිබෙන්නේ පෙට්‍රල් දාලා

එම තිදෙනා ගල්කිස්ස, ජාඇල සහ ගාල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.

අගමැතිගේ නිවසට ගිනි තැබූ තිදෙනෙක් රිමාන්ඩ් - ගිනි තබා තිබෙන්නේ පෙට්‍රල් දාලා

මේ අතර අග්‍රාමාත්‍යවරයාගේ නිවසට ගිනි තබා විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සංවිධානාත්මක පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

අගමැතිගේ නිවසට ගිනි තැබූ තිදෙනෙක් රිමාන්ඩ් - ගිනි තබා තිබෙන්නේ පෙට්‍රල් දාලා


මෙම සිද්ධිය වූ අවස්ථාවේ ගන්නා ලද වීඩියෝ පට සහ සීසීටීවී දර්ශන ඔස්සේ සැකකරුවන් හඳුනාගෙන ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලිසිය පවසයි.

අගමැතිගේ නිවසට ගිනි තැබූ තිදෙනෙක් රිමාන්ඩ් - ගිනි තබා තිබෙන්නේ පෙට්‍රල් දාලා

ජනාධිපති නිල නිවස, අරලියහගහ මන්දිරය සහ ජනාධිපති ලේකම් කාර්යාලය අත්පත් කර ගැනීමෙන් පසු අරගලකරුවෝ පෙරේදා (09 දා) සවස කොල්ලුපිටියේ පිහිටි රනිල් වික්‍රමසිංහ මහතාගේ නිල නිවස අසලට ගොස් සිය විරෝධතාව පළ කරන්නට පටන් ගත්හ.

සර්වපාක්‍ෂික ආණ්ඩුවක් පිහිටුවා බහුතර බලය පෙන්වන තුරු තමන් අගමැති ධුරයේ කටයුත ුකරන බවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කිරීමෙන් පසු අරගලකරුවන් ඒ මහතාගේ නිවස මෙසේ වටලා තිබිණි.

එහිදී අරගලකරුවන් කියා සිටියේ අගමැතිවරයා වහාම සිය ධුරයෙන් ඉවත් විය යුතු බවයි.

අරගලකරුවන් එහිදී අගමැතිවරයාගේ නිවසේ ගේට්ටු කඩා ඇතුළුවීමට උත්සාහ කරද්දී පොලිස් විශේෂ කාර්ය බළකාය සහ පොලිසිය ඔවුන් පලවා හැරීමට කටයුතු කළහ.

කඳුළුගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර පිරිස විසුරුවා හැරීමට කටයුතු කළ ද ඔවුහු නැවතත් එම නිවස අසලට පැමිණියහ.

සිරස මාධ්‍ය ජාලයේ මාධ්‍යවේදීන් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ගේ ප්‍රහාරයට ලක්වන්නේ මේ අතරතුරේදීය.

එම සිද්ධීන් වලින් පසු කෝපයට පත්වූ අරගලයකරුවෝ අගමැතිවරයාගේ නිවසේ ගේට්ටු කඩා එහි ඇතුළු වූහ. පසුව ඔවුන් අගමැතිවරයාගේ නිවසේ තිබූ දේපළවලට පහරදී ඒවා විනාශ කර පෙට්‍රල් වත්කර ඊට ගිනි තබා ඇත.

ගින්නෙන් අගමැතිවරයාගේ නිවස මුළුමනින්ම විනාශයට පත්විය.

ගිනි නිවන හමුදාව විශේෂ කාර්ය බළකාය සහ පොලිසිය ගින්න නිවා දැමීමට දැඩි උත්සාහයක නිරත වුවද එය ව්‍යාර්ථ වී ඇත.

රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසේ තිබූ පෞද්ගලික පුස්තකාලය ගින්නෙන් මුළුමනින්ම විනාශයට පත්වී තිබේ. එම පුස්තකාලයේ අතිශය වටිනා පොත්පත් පන්දහසක පමණ ප්‍රමාණයක් තිබූ අතර ඒ සියල්ල ගින්නෙන් විනාශ වී ඇත.

එමෙන්ම නිවසේ තිබූ වික්‍රමසිංහ මහතාගේ ඉපැරණි ගෘහභාණ්ඩ ඇතුළු සිහිවටන මෙන්ම සියලු බඩු බාහිරාදිය විනාශ වී තිබේ.

තමාගෙන් පසු මෙම නිවස රාජකීය විiාලයට අයිති වන ආකාරයට ලියා තැබීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබිණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අරගලකරුවන් පවසන්නේ අගමැතිවරයාගේ නිවසට ගිනි තැබීමේ සිද්ධියට ගාලුමුවදොර අරගලකරුවන් කිසිම සම්බන්ධයක් නැති බවයි.

මෙම ප්‍රහාරය කිසියම් සංවිධානාත්මක පිරිසක් විසින් කරන්නට ඇති බවට ඔවුහු පවසති.

කොල්ලුපිටිය පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.

හේමන්ත රන්දුණු සහ ඒ.ඡේ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment