අගමැතිගේ හයියට මන්ත්‍රීලා 88ක් විතරයි – සජිත් කියයි

226

අගමැති මහින්ද රාජපක්ෂ මහතා යටතේ ආණ්ඩුව කරගෙන යෑම සඳහා අනුමැතිය ගත් පෙරේදා පැවැති කණ්ඩායම් රැස්වීම සඳහා පැමිණ ඇත්තේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් 88 දෙනකු පමණක් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රෙමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22) සඳහන් කළේය.

මේ වන විට ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස එක් පිරිසක් සහ අගමැතිවරයාට ඉල්ලා අස්වන ලෙස තවත් මන්ත්‍රී පිරිසක් කියා ඇති බවත් මෙය දේශපාලන සූදුවක් ක්‍රියාත්මක වන අවස්ථාවක් බවත් හෙතෙම පැවසීය.

ආණ්ඩුවක් කරගෙන යෑමට අසූඅට දෙනෙක් නොව මන්ත්‍රීවරු 113 ක් අවශ්‍ය බව කී ඒ මහතා මේ වනවිට ඇමැති මණ්ඩලයක් සහ රාජ්‍ය ඇමැති මණ්ඩලයක් පත් කර ගනු ලැබූවද ආණ්ඩුවට නිසි වැඩ පිළිවෙළක් නැතැයි ද කීය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment