අගමැතිට එරෙහි විශ්වාස භංගය ප‍්‍රතික්ෂේප වූ පසු  පාර්ලිමේන්තුව විසුරුවන්න ඉම්රාන් ඛාන් එරට ජනපතිට දන්වයි

262

පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ඉරිදා ජාතිය අමතමින් කියා සිටියේ ”පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස” එරට ජනාධිපති අරිෆ් අල්විට උපදෙස් දුන් බවයි.

 එරට ව්‍යවස්ථාවේ 58 වැනි වගන්තියට අනුව, ”අගමැතිවරයා විසින් උපදෙස් ලබා දී පැය හතළිස් අටක් ඉකුත්වීමෙන් පසු ජාතික සභාව විසුරුවා හැරිය යුතුය.

 අග‍්‍රාමාත්‍යවරයාගේ මේ නිවේදනය නිකුත් වූයේ ඊයේ පාර්ලිමේන්තු සැසිවාරයේ මුලසුන දැරූ නියෝජ්‍ය කථානායක කාසිම් සූරි විසින් අගමැති ඉම්රාන් ඛාන්ට එරෙහි විශ්වාසභංග යෝජනාව ප‍්‍රතික්ෂේප කිරීමෙන් පසුවය. මෙම විශ්වාසභංගය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 5 වැනි වගන්තියට පටහැනි බව නියෝජ්‍ය කථානායකවරයා ප‍්‍රකාශ කර තිබුණි.

 තමාට එරෙහි විශ්වාසභංග යෝජනාව අමෙරිකාවේ ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක් බව අගමැති ඉම්රාන් ඛාන් ප‍්‍රකාශ කළේය.

 ඊයේ දින ජාතිය අමතමින් අගමැති ඉම්රාන් විශ්වාසභංගය නිෂ්ප‍්‍රභ කිරීම සම්බන්ධයෙන් සුබ පැතූ අතර, නියෝජ්‍ය කථානායකවරයා ”විදේශ කුමන්ත‍්‍රණය’’ පරාජය කළ බව සදහන් කළේය.

 පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ ඡුන්ද ”මිලදී ගැනීමට” වැය කර ඇති ”කෝටි ගණන් මුදල්” අපතේ යන බව පැවසූ අගමැති ඉම්රාන්, මුදල් ගත් අයට එය අනාථ නිවාසවලට සහ දුප්පතුන්ට පරිත්‍යාග කරන ලෙස උපදෙස් දුන්නේය.

advertistmentadvertistment
advertistmentadvertistment