අගමැතිට යන්න එපා කියමින්  අරලියගහ මැඳුරට අද මන්ත්‍රීවරු  රැස්වෙති

248

අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාට එම ධුරයෙන් ඉවත් නොවන ලෙස ඉල්ලීමට ආණ්ඩුවට හිතවත් මැති ඇමැතිවරුන් සහ මන්ත්‍රීවරුන් අද (9දා) පෙරවරු 9.00 ට අරලියහග මන්දිරයට එක්වීමට නියමිතය.

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, නගර සභා, ප්‍රාදේශීය සභා සභාපතිවරුන් ඇතුළු පිරිසක් එක්වී අගමැතිවරයාට එම ධුරයෙන් ඉවත් නොවන ලෙස ඉල්ලා සිටීමට කටයුතු කරන බව ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවැසීය.

කෙසේ වෙතත් අද අරලියගහ මන්දිරයේ සිදුවන මෙම හමුවේදී අගමැති ධුරයෙන් ඉවත් වනවාද නැද්ද යන්න තීරණය වනු ඇතැයිද අගමැතිවරයා මහජන මතයට අවනත වියයුතු මතයේ සිටින බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment