අගමැතිනි ජසින්ඩා ආපසු හැරෙයි – දේශපාලකයෝද මනුෂ්‍යයෝය මගේ ඉන්ධන ඉවරයි

756

“2017 දී ඇයව අගමැති ලෙස තෝරා ගන්නා විට මම මෙහි සිටියා වොට්සන් මහත්මිය පැවසුවාය. “ඇත්තටම මට පුදුම හිතුණා. මම හිතුවා ‘වාව්! මේ තිස් හැවිරිදි කාන්තාව අගමැති වුණා කියලා නමුත් කොරෝනා සමයේ දැඩි අගුලු දැමීම් සහ දිගු කාලයක් දේශසීමා වසා දැමීම් ඇතුළු ආඩන් රජයේ කොවිඩ් ප්‍රතිචාරය ඇගේ මතය වෙනස් කර තිබිණි. අවසානාවකට කොවිඩ් අගමැතිනියට තට්ටු කළා. එයින් ආර්ථිකයට බරපතළ ප්‍රහාරයක් එල්ල වුණා. ඒ නිසා ජසින්ඩා වැටුණා.

නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආඩන් පසුගිය සතියේ ලෝකය පුදුමයට පත්කරමින් සිය අගමැති ධුරයේ තවදුරටත් කටයුතු කිරීමට “ටැංකියේ ඉන්ධන ප්‍රමාණවත් නොමැති නිසා” තමන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කළාය. මෙයින් කියැවුණේ තම බරපතළ දේශපාලන රාජකාරිය නිසා ඇය වෙහෙසට පත්ව සිටින බව නොවේද? ලෝකය ආකර්ශනය කළ අගමැතිවරියක් වුවත් ඇයට මේ කාර්යය බොහෝ කාලයක් දුරට ගෙනයෑමට නොහැකි වූයේ මානසික වෙහෙසද, නැත්නම් ඇගේ දේශපාලන ප්‍රභාව ක්‍රමයෙන් වියැකෙන නිසාද? අගමැති ධුරයේ යෙදී සිටි “අභියෝගාත්මක” වසර හය නිසාවෙන් තමාට ගෙවීමට සිදුවූ දෑ විස්තර කරන විට ආඩන්ගේ කටහඬ හිරවිය. එයින් ඇය වින්ද වේදනාවන් ගැනද ඉඟියක් පළ විය. “දේශපාලකයන් ද මනුෂ්‍යයන්ය. අපට හැකි සෑම දෙයක්ම අපි ලබා දෙමු, එහෙත් එය ඉටුකරන්න පුළුවන් අපිට පුළුවන් කාලයක් පමණයි.” ඇය සිය වසර පහමාරක නිල කාලය අවසන් කරන බව හැඟවෙන දේශනයකදී පැවසුවාය. “තමා රැකියාවට ආදරය කරන බවත් එය ඇත්තෙන්ම වැදගත් නමුත් මේ මොහොතේ එය කළ නොහැකි බවත් ජසින්ඩා පැහැදිලි කළාය. 42 හැවිරිදි ආඩන්, ඇගේ අනාගතය පිළිබඳව සලකා බැලීම සඳහා ගිම්හාන විවේක කාලය ගත කළ බව පැවසුවා ය. “මට ඉදිරියට අගමැති ධුරයේ වැඩකටයුතු කරගෙන යන්න අවශ්‍ය දේ ඒ කාලෙ ඇතුළත හොයාගන්න පුළුවන් වෙයි කියලා මම බලාපොරොත්තු වුණාට, අවාසනාවකට වගේ මට බැරිවුණා. ඉතින් මේ තනතුරේ ඉදිරියටත් හිටියොත් මම නවසීලන්තයට කරන්නේ අනර්ථයක්” සාමකාමී කාලයක දී ඔබේ රටට නායකත්වය දීම එක දෙයක්, අර්බුද කාලයක දී නායකත්වය දීම තව දෙයක්, මේ සිද්ධි… ඒවායේ බර, ඒවයේ මහා බර සහ ඒවායේ අඛණ්ඩ ස්වභාවය නිසා දැඩි වෙහෙසක් ගෙන ආවා. අපි නිකම්ම රාජ්‍ය පාලනය කරනවා කියලා හැඟුණු එක මොහොතක්වත් ඇත්තටම තිබුණේ නැහැ” ඇය පැවසුවා ය. 2017 දී 37 හැවිරිදිව සිටිය දී අගමැති ධුරයට තේරී පත්වූ විට, ආඩන් ලොව ලාබාලතම රාජ්‍ය නායිකාව බවට පත්වූවාය. ඉන් වසරකට පසු ඇය, තනතුරේ සිටිය දී දරුවකු බිහිකළ දෙවන ප්‍රජාතන්ත්‍රවාදී ලෝක නායිකාව බවට පත්විය. ඇය කොරෝනා වසංගතය හා ඉන්පසු පැමිණි ආර්ථික අවපාතය, ක්‍රයිස්ට්චර්ච් මුස්ලිම් පල්ලියේ වෙඩිතැබීම් සහ වයිට් දිවයිනේ ගිනි කඳු පිපිරීම වැනි සිදුවීම් අතරේ නවසීලන්තයට නායකත්වය දුන්නා ය.

ලෝක නායකයන් බොහෝ වරප්‍රසාද භුක්ති විඳිති, නමුත් ඔවුන් බොහෝ විට නිරන්තර සංචාරය, දිගු කාර්යය වෙලාව සහ විවේක ගැනීමට ඇති සුළු කාලයක් නිසා අපහසුවට පත්වෙති. දේශපාලකයන් තමන්ගේ කාර්යය ඉටුකිරීමේදී අපහසුවට ආතතියට පත්ව ඇති බව පිළිගැනීම අසාමාන්‍ය දෙයකි. නමුත් ජසින්ඩා ආඩන් රටක් මෙහෙයවීමේදී ඇතිවන ආතතිය ගැන හෙළිකළාය. එය ඇගේ අවංකභාවය ප්‍රකට කිරීමකි. ඔස්ටේ්‍රලියානු අගමැති ඇන්තනි ඇල්බනීස්, නවසිලන්ත අගමැතිනිය බුද්ධියේ, ශක්තියේ සහ සහකම්පනයේ නායිකාවක් ලෙස නම් කර තිබිණි. “ජසින්ඩා නවසීලන්තය වෙනුවෙන් දැඩි ලෙස පෙනී සිටි තැනැත්තියක්, බොහෝ දෙනකුට අනුප්‍රාණයක් සහ මට හොඳ මිතුරියක් වුණා,” ඔහු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පැවසීය.

බි්‍රතාන්‍ය ඉතිහාසඥයෙක් සහ දේශපාලන චරිතාපදාන රචකයෙක් වන ශ්‍රීමත් ඇන්තනි සෙල්ඩන් පවසන්නේ ඉහළ නායකයන්ට දැනෙන පීඩනය වර්ධනය වී ඇති බවයි. “එය විශාල බරක් වන අතර ඒ සියල්ල පැමිණෙන්නේ නායකයාගේ මේසය මතටය. ඔවුන්ට ඇත්තේ අනෙක් අයට මෙන් සතියේ දින හත දවසේ පැය විසි හතර පමණි. ඔවුන්ද සෙසු මනුෂ්‍යයන් මෙන් නිදාගෙන විවේක ගත යුතුය. නමුත් ජනතා අපේක්ෂාවන් ඉහළ යමින් පවතී. දේශපාලන චරිතාපදාන රචක ශ්‍රීමත් ඇන්තනි බොහෝ බි්‍රතාන්‍ය නායකයන්ගේ ජීවිත විස්තර කර ඇති අතර ඔහු සටහන් කර ඇත්තේ බොහෝ අගමැතිවරු මානසිකව වෙහෙසට පත්ව නිල කාලය අවසන් කරන බව පවසයි.

අධික වැඩ හෝ ආතතිය නිසා ඇතිවන ශාරීරික හෝ මානසික බිඳවැටීම ගැන දැන් ලෝකයම කතා කරන්නේ නවසීලන්ත අගමැතිනියගේ ඉල්ලා අස්වීමත් සමගය. නවසීලන්තයේ හිටපු අගමැතිනි හෙලන් ක්ලාක්ට මේ අත්දැකීම හොඳින් දැනී තිබේ. 1999 සිට 2008 දක්වා වසර නවයක් අගමැති ලෙස “දිනකට අතිවිශාල පැය ගණනක්” වැඩ කළ බව ඇය සිහිපත් කරයි. ඇය ඕක්ලන්ඩ් හි පදිංචි වූ අතර, දිනපතා පැයක ගුවන් ගමනකින් – වෙලින්ටන් අගනුවරට නිරන්තරයෙන් ගමන් කරමින් සිටියාය. “එයට බොහෝ විට උදේ හතට ගුවන් යානයෙන් පිටත් විය යුතුය. එබැවින් ඔබට උදේ පහට අවදිවී මධ්‍යම රාත්‍රියෙන් පසු ඔබට නින්දට යා හැකිය, වෙලින්ටන්හි නැවතී සිටින දිනවලදී රාත්‍රිය පුරාම වැඩ කරන්නට සිදුවිය.

2020 මාර්තු මාසයේදී, නෙදර්ලන්ත රජයේ කොරෝනා වෛරසයට එරෙහි සටනට නායකත්වය දුන් බෘනෝ බ්රුන්ස් අමාත්‍යවරයා පාර්ලිමේන්තු විවාදයකදී ක්ලාන්ත වීමෙන් පසු ඉල්ලා අස්විය. මේ ඇමැතිවරයා පැවසුවේ සති කිහිපයක් අධිකව වෙහෙසවී වැඩ කිරීමෙන් පසු ඔහු ක්ලාන්ත වී ඇති බවයි.

පසුව සම්මුඛ සාකච්ඡාවකදී ඔහු කියා සිටියේ දැන් දේශපාලන භූමිකාවෙන් ඉවත්වීමෙන් පසු නව වෘත්තියක් ආරම්භ කිරීමට පෙර තමාට “මාස තුනක් නිදා ගැනීමට අවශ්‍ය බවයි. මේයින්ම ඔහු මුහුණ දුන් ආතතිය හොඳින් හෙළිවේ. ඒ කාලයේ මම උදේ 4.00 ට අවදි වුණෙමි නමුත් මේ කාර්යය එපා වුණාට පස්සේ මට කිරීමට අවශ්‍ය වූයේ නිදා ගැනීමයි”, බෘනෝ බ්රුන්ස් කියයි. ඔස්ටේ්‍රයාවේ සෞඛ්‍ය අමාත්‍ය රුඩොෆ් ඇන්ස්ශෝබර් 2021 දී ඉල්ලා අස්වූයේ “වැඩ අධික හා වෙහෙසට පත්ව සිටින” බව පවසමිනි. “දශක ගණනාවක දරුණුතම සෞඛ්‍ය අර්බුදය තුළ ආණ්ඩුවට 100% යෝග්‍ය සෞඛ්‍ය ඇමැතිවරයකු අවශ්‍යයි,“ඒ මම නෙවෙයි. ඇත්තටම මම මාස 15ක් ඇමැති කෙනෙක් ලෙස කටයුතු කළත් ඒ කාලය අවුරුදු 15ක් ලෙස හැඟී ගියේය”, බි්‍රතාන්‍යයේ හිටපු අධ්‍යාපන සහ නිපුණතා පිළිබඳ රාජ්‍ය ලේකම් එස්ටෙල් මොරිස් පවසන්නේ ජසින්ඩා ආඩන් මහත්මියගේ නිවේදනය ඇයව වසර 20 කට පෙර ඇයගේම ඉල්ලා අස්වීම වෙත ආපසු ගෙන ගිය බවයි. “මම ඇගේ මට්ටමේ සිටි බව එක මිනිත්තුවකට හිමිකම් නොකියමි, නමුත් ඒ හැඟීම් මා හඳුනාගත් දෙයක්, එය මගේ අත්දැකීම හා සමානයි. ඇය පවසයි.

තම ඉල්ලා අස්වීම ගැන නිවේදනය කර දිනක් ගතවූ පසු ජසින්ඩා ආඩන් පවසා සිටියේ මේ තීරණය ගැන කිසිම පසුතැවිල්ලක් නැති බවයි. තම ටැංකියේ ඉන්ධන නැත” බව හෙළි කිරීමෙන් පසු, ආඩන් මහත්මිය පැවසුවේ දුකේ සිට “සහන හැඟීමක්” දක්වා “හැඟීම් පරාසයක්” ඇයට දැනෙන බවයි. පසුගිය සිකුරාදා නේපියර් හි ගුවන් තොටුපළේදී ආඩන් පැවසුවේ “දිගු කාලයකට පසු පළමු වතාවට ඇය හොඳින් නිදාගත්” බවයි. මෙන්ම ඇය සිය තීරණය රටට දැන්වූවායින් පසුව කොතරම් මානසික සහනයකට පත්ව සිටින බව වඩා පැහැදිලිව ප්‍රකාශ කර තිබේ. සිය ඉල්ලා අස්වීම ගැන පවසන විටදී තම දියණිය මේ වසරේ අගභාගයේදී පාසල ආරම්භ කරන විට එහි සිටීමට බලාපොරොත්තු වන බව එතුමිය අවධාරණයෙන් සඳහන් කර සිටියේ අගමැති තනතුර හැර දමා තමාට මවක මෙන් තම දියණිය වෙනුවෙන් කැපවීමට වඩා කාලයක් අවශ්‍ය බව දන්වමිනි. ඇය පෙබරවාරි 7 වැනිදාට පෙර කම්කරු පක්ෂයේ නායකත්වයෙන් ඉවත්වනු ඇත. නවසීලන්තය සිය මහ මැතිවරණය ඔක්තෝබර් 14 දා පවත්වනු ඇත නව අගමැතිවරයා ලෙස නවසීලන්තයේ පොලිස් සහ අධ්‍යාපන අමාත්‍ය ක්‍රිස් හිප්කින්ස් පත්වීමට නියමිත බව එරට මාධ්‍ය කියයි. පාලක කම්කරු පක්ෂයට නායකත්වය දීමට නම් කරන ලද එකම අපේක්ෂකයා ලෙස ඉස්මතු වීමෙන් පසු ඔහු ජසින්ඩා ආර්ඩන් වෙනුවට අගමැති ධුරයට කෙරෙනු ඇත. නව අගමැති තේරීම වෙනුවෙන් වූ රැස්වීම ඊයේ දිනයේ පැවැත්වීමට නියමිතව තිබිණි. 2008 දී කම්කරු පක්ෂයෙන් ප්‍රථම වරට පාර්ලිමේන්තුවට තේරී පත් වූ 44 හැවිරිදි හිප්කින්ස් 2020 නොවැම්බරයේ කොරෝනා මර්දනය සඳහා පත්කරන ලද ඇමැති ලෙස මහජන ප්‍රසාදය දිනා සිටියේය. ඔහු නවසීලන්තයේ 41 වැනි අගමැතිවරයා වන්නේය. නවසීලන්ත පාර්ලිමේන්තු මන්ත්‍රී ක්‍රිස් හිප්කින්ස් පවසන්නේ හිටපු අගමැතිනියගේ ඉල්ලා අස්වීමට ගත් තීරණයෙන් පසුව අගමැති ධුරයට පත්වීම තම ජීවිතයේ ලොකුම වගකීම සහ ලොකුම වරප්‍රසාදය බවයි. පළපුරුදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ වෘත්තීය දේශපාලනඥයකු වන ක්‍රිස් හිප්කින්ස් මේ මොහොතේ කම්කරු පක්ෂය වෙනුවෙන් වූ වඩාත්ම සුදුසු තේරීම ලෙස සැලකේ.

ටින විල්සන් මහත්මිය දැන් ජීවත්වන්නේ දකුණු අප්‍රිකාවේය. ඇගේ දරුවන් නවසීලන්තයේ ජීවත්වෙයි. ජසින්ඩා ආඩන් ඉල්ලා අස්වීම ගැන ඇය සතුටු වෙයි.

“2017 දී ඇයව අගමැති ලෙස තෝරා ගන්නා විට මම මෙහි සිටියා වොට්සන් මහත්මිය පැවසුවාය. “ඇත්තටම මට පුදුම හිතුණා. මම හිතුවා ‘වාව්! මේ තිස් හැවිරිදි කාන්තාව අගමැති වුණා කියලා නමුත් කොරෝනා සමයේ දැඩි අගුලු දැමීම් සහ දිගු කාලයක් දේශසීමා වසා දැමීම් ඇතුළු ආඩන් රජයේ කොවිඩ් ප්‍රතිචාරය ඇගේ මතය වෙනස් කර තිබිණි. අවසානාවකට කොවිඩ් අගමැතිනියට තට්ටු කළා. එයින් ආර්ථිකයට බරපතළ ප්‍රහාරයක් එල්ල වුණා. ඒ නිසා ජසින්ඩා වැටුණා.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment