අගමැති අනුරටයි සජිත්ටයි වවන්න කළ ඇරයුම

313

රජය විසින් ආරම්භ කර ඇති වගා සංග්‍රාමය වැඩසටහනට විපක්‍ෂයෙන් සමගි ජනබල පක්‍ෂය සහ ජනතා විමුක්ති පෙරමුණද එක්කර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආහාර සුරක්‍ෂිතතා කමිටුවට උපදෙස් දුන්නේය.විපක්‍ෂයෙන් සමගි ජනබල පක්‍ෂයත් ජනතා විමුක්ති පෙරමුණත් ගෙවතු වගාවක් පටන්ගෙන ඇතැයිද එය ඉතා හොඳ කටයුත්තක් බවද ඔවුන්ද එක්කරගෙන මෙම වැඩසටහන ඉදිරියට ගෙන යා යුතු බවද අගමැතිවරයා කීවේය.

ඔවුනගේ ගෙවතු වගා වැඩසටහනට ඉඩම් අවශ්‍යනම් ඉඩම් අමාත්‍යාංශය මගින් ඒ සඳහා පහසුකම් සලසන ලෙසත් ජලය අවශ්‍යනම් වාරිමාර්ග අමාත්‍යාංශය ඊට අවශ්‍ය පියවර ගන්නා බවත් අගමැතිවරයා සඳහන් කළේය.ආහාර සුරක්‍ෂිතතාව පිළිබඳ කමිටුවට අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී රැස්වූ අතර ඊට දිනේෂ් ගුණවර්ධන, මහින්ද අමරවීර, රොෂාන් රණසිංහ යන ඇමැතිවරු ඇතුළුව රාජ්‍ය නිලධාරීහු රැසක් සහභාගී වූහ.

උපාලිද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment