අගමැති අස්වෙයි !

1689

අගමැති ධුරයෙන් මහින්ද රාජපක්‍ෂ මහතාට ඉල්ලා අස්වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පෙරේදා (06 දා) පැවති විශේෂ කැබිනට් රැස්වීමේදී දැනුම් දී ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව සඳුදා වන විට අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වියයුතු යැයි දැනුම් දී ඇත. ඉන්පසු දින තුනක් ඇතුළත නව කණ්ඩායමකට අලුත් ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩදෙන බවද ජනාධිපතිවරයා සඳහන් කර ඇත. එසේ කණ්ඩායමක් ඉදිරිපත් නොවුණහොත් නව වැඩපිළිවෙක් සහිතව ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් දැනුම් දී ඇතැයි වාර්තාවේ.

රට ඉතා බරපතළ ආර්ථික අර්බුදයකට ලක්ව ඇති මොහොතක විරෝධතා සහ හර්තාල මගින් රටම අක්‍රියවීමෙන් තවදුරටත් ආර්ථිකය පවත්වා ගෙන යෑමට නොහැකි තත්ත්වයක් මතුව ඇතැයි මෙහිදී මුදල් ඇමැති අලි සබ්රි මහතා දැනුම් දී ඇතැයි ද වාර්තා වේ.

ඒ අනුව වහාම තීරණයක් ගෙන ආණ්ඩුව විසුරුවා හැර නව ආණ්ඩුවක් පිහිටුවීමට අවස්ථාව ලබාදීම මේ මොහොතේ වඩාත් සුදුසුම පියවර බව ද මෙම විශේෂ කැබිනට් මණ්ඩලයේදී සියලුදෙනා යෝජනා කර තිබේ.

අනුර බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment