අගමැති අස්වෙයි

159

මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (9 දා) දහවල් අගමැති ධුරයෙන් ඉල්ලා අස්විය.

හෙතෙම සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඊයේ (9 දා) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත යොමුකර තිබුණි.

සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ගවලට එළඹීම පිණිස තම පූර්ණ එකඟතාව පළකරමින් අගමැති ධුරයෙන් ඉල්ලා අස්වන බව ලිපියේ සඳහන් කර ඇත.

1970 මැයි 27 පැවැති මහ මැතිවරණයට සමගි පෙරමුණෙන් බෙලිඅත්ත ආසනයට තරඟකර ජයගෙන ප්‍රථම වරට පාර්ලිමේන්තුවට පත්වූ මහින්ද රාජපක්‍ෂ මහතා 2002 වසරේ විපක්‍ෂ නායක ධුරයට පත්විය.

2004 වසරේදී අගමැති ධුරයටත් 2005 වසරේ ප්‍රථම වරට විධායක ජනාධිපති ධුරයට සහ 2010 වසරේ දෙවන වරට ජනාධිපති ධුරයට පත් මහින්ද රාජපක්‍ෂ මහතා 2015 ජනාධිපතිවරණයෙන් පරාජයට පත්විය.

නැවත වරක් 2017 වසරේ ඔක්තෝබර් මස 17 වැනිදා අගමැති ධුරයට පත් මහින්ද රාජපක්‍ෂ මහතා දින 52ක් එම ධුරය දැරූ අතර 2020 වසරේදී අගමැති ධුරයට පත්ව ඊයේ (9 දා) වන තෙක් අගමැති ධුරය හෙබවිය.

අනුර බාලසූරිය
 

advertistmentadvertistment
advertistmentadvertistment