අගමැති ඇතුළු අමාත්‍ය මණ්ඩලයම ඉවත් කළ යුතුයි

631

* සියලු පක්‍ෂවල බල පොරය ජනතාවගේ පිළිකුළට ලක්වෙලා
 

 රට මුහුණදී සිටින අර්බුදයට දීර්ඝකාලීන විසඳුමක් ලබා දෙන තෙක් අගමැතිවරයා සහ අමාත්‍ය මණ්ඩලය ඉවත් කර ජනතාවට යම් තරමකින් හෝ පිළිගත හැකි පක්ෂ විපක්ෂ දෙපාර්ශ්වයම ඇතුළත්’’’ අමාත්‍ය මණ්ඩලයක් පත් කළ යුතු බවත් එම විසඳුමින් බැහැරව ජනතාවගේ සාමකාමී උද්ඝෝෂණය කවර ආකාරයකින් හෝ මර්දනය කරන්නට රජය කල්පනා කරන්නේ නම් එය ඉතිහාසයෙහි කිසි දිනෙක නිවැරදි කරගත නොහැකි වරදක් වන බවත් බුද්ධශාසන කාර්යසාධක මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකරමින් පවසයි’ එහි මෙසේද සඳහන් කර ඇත’

 මේ උද්වේගකාරී අවස්ථාවෙහිදී රාජ්‍ය නායකයා ලෙස ජනාධිපතිතුමා ජනතා පරමාධිපත්‍යයේ හඬට සාවධාන වී රාජ්‍ය බලයටත් වඩා ජනතා බලයට ඉඩ කඩ ලැබෙන පරිද්දෙන් බුද්ධිමත්ව ක්‍රියා කරනු ඇතැයි සිතමු’ ප්‍රතිපක්ෂ නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන් ද තමන්ගේ භූමිකාව අර්ථවත් වන පරිද්දෙන් සියලු වාද භේද හා පටු අපේක්ෂා අත්හැර ජනතාව හා රටේ ආර්ථිකය පැත්තෙන් බලා සාධාරණ සාමුහික විසඳුම් මාර්ගයකට අවතීර්ණ වීම අත්‍යවශ්‍යය’

 එසේ හෙයින් දීර්ඝකාලීන විසඳුම් මඟකට යන තෙක්” ජනාධිපතිතුමා” අගමැතිතුමා ඇතුළු ඇමැති මඬුල්ල ඉවත් කොට මධ්‍යස්ථ මහජනතාවගේ ප්‍රසාදය එක්තරා පමණකට හෝ දිනාගත් පක්ෂ – ප්‍රතිපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් යුත් අවම අමාත්‍ය මණ්ඩලයක් පත් කොට මහ ජනතාව උග්‍ර ලෙස පෙළන ආර්ථික හා සමාජීය අර්බුදයෙන් වහ වහා මුදා ගන්නා ලෙස කරුණාවෙන් දන්වමු’ ප්‍රතිපක්ෂවල සියලු මන්ත්‍රීවරුන් ද මේ අර්බුදයෙහි බැරෑරුම්කම දූරදර්ශීව බුද්ධිමත්ව වටහාගෙන ජනතාව සුවපත් කරන ආර්ථික ස්ථාවරත්වයක් ඇති කර ගැනීමට උත්සුක වනු ඇතැයි අපි උදක්ම විශ්වාස කරමු’

 මෙම විසඳුමින් බැහැරව සිතමින් ජනතාවගේ සාමකාමී උද්ඝෝෂණය කවර ආකාරයකින් හෝ මර්දනය කරන්නට රජය කල්පනා කරන්නේ නම් එය ඉතිහාසයෙහි කිසිදිනෙක නිවැරැදි කරගත නොහැකි වරදක් වන බව ද මේ සමගම සඳහන් කරනු කැමැත්තෙමු’

advertistmentadvertistment
advertistmentadvertistment