අගමැති ඉම්රාන් ඛාන් අවසන් පන්දුව දක්වා ක‍්‍රීඩා කරන බවට සහතිකයක්

579

පාර්ලිමේන්තුව වෙත විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත්ව තිබුණද පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් පන්දු වාරයේ අවසන් පන්දුවට මුහුණ දෙන තුරු සිය ධුරයෙන් ඉල්ලා අස් නොවන බව පාකිස්තාන තොරතුරු ඇමැති ෆවාඞ් චෞද්‍රි මාධ්‍යයට පවසා තිබේ. අගමැති ඛාන් පන්දු වාරයේ අවසන් පන්දුව දක්වාම සටන් කරන ක‍්‍රීඩකයකු බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

පාකිස්තාන තොරතුරු කටයුතු ඇමැතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට පෙර පාකිස්තාන අගමැති ඛාන් සිය ධුරයෙන් ඉවත් වනු ඇති බවට පැතිර යන රාවයන් සම්බන්ධයෙන් අදහස් දක්වමිනි. ‘ටෙරික් ඊ ඉන්සාෆ්’ පක්ෂය ප‍්‍රමුඛ සන්ධානයට නායකත්වය දෙන අගමැති ඛාන්ට එරෙහිව මන්ත‍්‍රීවරුන් 161 දෙනකුගේ සහය ඇතිව සකස් කළ විශ්වාසභංග යෝජනාවක් ඉකුත් සඳුදා (28 දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර එම යෝජනාව විවාදයට ගැනීම සඳහා පාකිස්ථාන පාර්ලිමේන්තුවේ පහළ මන්ත‍්‍රී මණ්ඩලය ඊයේ (31දා) රැුස්වීමට නියමිතව තිබිණි. පාකිස්තානයේ ඒකාබද්ධ විපක්ෂය විසින් අගමැතිවරයාට එරෙහිව මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ ආර්ථිකය වැරදි අයුරින් කළමනාකරණය කිරීමේ චෝදනාව මුල් කරගෙන වන අතර එම යෝජනාව සඳහා සහය පළ කරමින් අගමැති ඉම්රාන් ඛාන්ගේ සභාග රජයේ සිටින ප‍්‍රධාන පක්ෂයක් වන ‘මුට්ටහිඩා ක්වොමි පෙරමුණ රජයෙන් ඉල්ලා අස් වී විපක්ෂය හා එක් වීම අගමැතිවරයාට එල්ල වූ දැඩි ප‍්‍රහාරයක් විය. විශ්වාසභංග යෝජනාව සම්බන්ධ විවාදයෙන් අනතුරුව අපේ‍්‍රල් 03 වැනිදා ඡුන්ද විමසීම සිදුකිරීමට නියමිතය. ඉකුත් ඉරිදා දිනයේ

අගනුවර වන ඉස්ලාමාබාද් නගරයේ පැවති දැවැන්ත මහජන රැුලියක් අමතමින් අගමැතිවරයා පවසා ඇත්තේ තමන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාව ගෙනඒම පිටුපස විදේශීය කුමන්ත‍්‍රණයක් පවතින බවයි. මේ අතර ජාතිය අමතා කතා කර සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට අගමැති ඛාන් සැරසුනද පාකිස්තාන හමුදාපතිවරයා එය වළක්වා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment