අගමැති කොළ එළි දැල්වුවා – මුරුත්තෙට්ටුවේ හිමියෝ කියති

365

ගුරු – විදුහල්පති වැටුප් විෂමතාව ඇතුළු ඉල්ලීම් සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ ඊයේ (11 දා) අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡුාව සාර්ථක බව අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවැසූහ.

මෙම සාකච්ඡුාවල ප‍්‍රතිඵලයක් ලෙස අද (12 දා) දහවල් 12.00 ට ගුරු විදුහල්පති වෘත්තීය සමිති අරලියගහ මන්දිරයේදී අගමැතිවරයා සමඟ සාකච්ඡුා කිරීමට නියමිත බවද උන්වහන්සේ කීහ.

වැටුප් වැඩි කිරීම සඳහා ගුරු – විදුහල්පතිවරුන් ගෙනයන අරගලය සාධාරණ බව අගමැතිවරයා පිළිගත් බවත් වසර 24 කට වැඩි කාලයක සිට පවතින මෙම ගැටලූවට එකවර විස`දුම් දිය හැකිද යන්න අද (12 දා) ගුරු සංගම් සමඟ සාකච්ඡුාවේදී තීරණය වන බවත් උන්වහන්සේ කීහ.

අරලියගහ මන්දිරයේ ඊයේ පැවැති සාකච්ඡුාව සඳහා අධ්‍යාපන ඇමැති, අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්, අග‍්‍රාමාත්‍ය කාර්යාල ප‍්‍රධානීන් සහ ගුරු වෘත්තීය සමිති නියෝජිතයන් කිහිපදෙනකු සහභාගිවී සිටි බවද උන්වහන්සේ පැවැසූහ.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment