අගමැති ගැන කාර්යාලයෙන් නිවේදනයක්

430

අගමැති ධුරයෙන් මහින්ද රාජපක්ෂ මහතා එම ධුරයෙන් ඉවත් නොවන බව කියමින් අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් අද (03) උදෑසන නිවේදනයක් නිකුත් කර ඇත.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉවත් වන බවට ප්‍රධාන මාධ්‍ය හා සමාජ ජාලා මාධ්‍යන්හි දින කිහිපයක් පුරා සහ අද දින පැතිර යන ප්‍රචාරයන්හි කිසිදු සත්‍යතාවක් නොමැති බව එහි සඳහන් කර තිබේ.

රටේ ජනතාව නොමඟ යවන අයුරින් සිදුවන මෙවැනි අසත්‍ය ප්‍රචාර තරයේ ප්‍රතික්ෂේප කරන බව ද අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්ල රොහාන් වැලිවිට මහතා එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment