අගමැති තමන්ගේ පිළුණු වෙච්ච ගෝලයෝ ටික ළංකර ගත්තට රටේ ප්‍රශ්න විසඳන්න බැහැ – සජබ ජාතික සංවිධායක මන්ත්‍රී තිස්ස අත්තනායක

129

අලුත් ආණ්ඩුව ජනතාවගේ ප්‍රශ්න යට ගහන්න හදනවා. එයට අපේ අප්‍රසාදය පළ කරනවා යැයි සමගි ජන බලවේග ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය.විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (23දා) පැවැති මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කීය.මේ දිනවල ඇමැතිවරු පැටව් ගහනවා. පසුගිය සතියේ දී ඇමැතිවරුන් දහතුන් දෙනෙක් දිවුරුම් දුන්නා. ඊයේ දිනයේ ද තවත් පිරිසක් දිවුරුම් දුන්නා. 25කට සීමා කරනවා කිව්වත් වරින් වර පත් කිරීම නිසා ගණන් කරගන්නත් බැහැ. රට වැටිල තියෙන මේ අර්බුදකාරී මොහොතක නාස්තිකාර වියදම් අඩුකර නිසි කළමනාකරණයක් ඇතුව ජාතික සැලසුමකට අනුව ක්‍රියා කළ යුතු අවස්ථාවක මේ ආකාරයෙන් තමන් කැමැති කැමැති පරිදි ඇමැතිවරු පත් කරමින් කාලය නාස්ති කිරීම බරපතළ වැරැද්දක්. මේ ආණ්ඩුව අලුත් එකක් නෙමෙයි. අගමැති විතරයි අලුත්. මෙතෙක් පත්කළ සියලු ඇමැතිවරු අසාර්ථකයි කියලා ජනතාව කිව්වා. ඔවුන් නැවත පත් කිරීම තුළින් රටේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ.

මේ ආණ්ඩුව අලුත් කිව්වට අලුත් බවක් පේනවද? නැහැ අගමැතිතුමාගේ පිළුණු වෙච්ච ගෝලබාලයන් ගේ කමිටුවක් හදලා. එයට වජිර සාගල අකිල රංගෙ බංඩාර වැනි අය පත් කරලා. රජයේ තනතුරු දරන අය නෙමෙයි. මේ තමන්ගේ අය ළඟට ගෙන ප්‍රශ්න විසඳන්න බැහැ. ඒ ගැන රටට කියන්න ඕන මේ කමිටුව නිසා කැබිනට්ටුව හෑල්ලුවට ලක්වෙනවා. කැබිනට් එකෙන් බාහිරව පත්කිරීමක් බැරෑරුම් ප්‍රශ්නයක්. ඒ පිළුණු වෙච්ච කණ්ඩායමක් නිසා තවත් රට කඩාවැටීම පැහැදිලියි. මෙහිදී විකල්පය සම්පූර්ණයෙන්ම ආණ්ඩුව ගෙදර යා යුතුයි. අලුත් ආණ්ඩුවකට අලුත් නායකයෙක්ට රට භාර දිය යුතුයි. අපි දැක්කා අගමැතිතුමා විදේශ සංචාරකයන්ට මේ රටට එන්න එපා කියනවා. එසේ එනව නම් බෝඩ් අල්ලන්න බලාගෙන එන්න කියනවා. නමුත් විපක්ෂ නායකතුමා කියනවා විදෙස් සංචාරකයන්ට මේ රටට එන්න උදව් කරන්න කියලා. විදේශ ප්‍රේෂණ අපනයන මූල්‍ය ස්ථාවරත්වය ගොඩ නගා ගත යුතුයි. එය අධෛර්යමත් කිරීම හරහා විනිමය සොයා ගන්න බැහැ තවදුරටත් ජීවන වියදම වැඩි වෙලා රට ආගාධයකට යනවා. බෙහෙත් නැහැ ශෛල්‍යකර්ම කරන්න විදියක් නැහැ ඒවා නැවතිලා. මේ ආකාරයෙන් ඉදිරියට ගියොත් තවදුරටත් මිනිස්සු පාරට බැහැලා නීතිවිරෝධී ක්‍රියා කරන්න පෙළඹෙනවා. ඒ වළක්වන්න බැරි මට්ටමට ගියොත් සම්පූර්ණ විනාශයක් වෙනවා. අලුත් කියන ආණ්ඩුව මේ ප්‍රශ්න නිවැරදිව තේරුම් ගෙන වැඩ කළ යුතුයි. නව අගමැතිවරයා පත් වුණත් පාර්ලිමේන්තුවේ සාධනීය යෝජනා කරන්න බැරිවෙලා තියෙනවා .අලුත් ආණ්ඩුව ජනතාවගේ ප්‍රශ්න යට ගහන්න හදනවා එයට අපේ අප්‍රසාදය පළ කරනවා.වැලිගම ආසන සංවිධායක රෙහාන් ජයවික්‍රම මහතා ද මෙහිදී අදහස් දැක්විය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment