අගමැති දිනේෂ්ගේ උපන් දිනයට පින්කම්…

34

අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ 74 වැනි ජන්ම දිනය නිමිත්තෙන් ඊයේ (02) දින උදෑසන අරලියගහ මන්දිරයට මහා සංඝරත්නය වැඩම කර, පිරිත් සජ්ඣායනා කර, අගමැතිවරයාට ආශිර්වාද කළහ.

අරලියගහ මන්දිරය බැලීමට පැමිණි, කොළඹ මිලාගිරිය ශාන්ත පාවුලු බාලිකා විදුහලේ ශිෂ්‍යාවන්ට, ත්‍යාග සහ කෑමබීමවලින් මෙහිදී සංග්‍රහ කෙරිණි. මීට අමතරව රාජගිරිය කළපළුවාව ශ්‍රී ගෞතම තපෝවනය විහාරස්ථානයේදී දානමය පින්කමක් මෙන්ම රත්මලාන හෙල්ප්ඒජ් සංවිධානය පවත්වාගෙන යන, වැඩිහිටි දිවා සුරැකුම් මධ්‍යස්ථානයට හා කොට්ටාව තිසරණ වැඩිහිටි නිවාසයට ද දානය පිරිනැමීම සිදු කෙරිණි.

කෝට්ටේ රජමහ විහාරයේ ආශිර්වාද පින්කමක් ද පැවැති අතර ඡායාරූපයේ දැක්වෙන්නේ, අගමැතිවරයා කොළඹ බෞද්ධාලෝක මාවතේ ධර්මායතනයට පැමිණ, විහාරාධිපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමිගෙන් ආශිර්වාද ලබාගත් අවස්ථාවයි.

advertistmentadvertistment
advertistmentadvertistment