අගමැති ප‍්‍රධානත්වයෙන් ‘සයුර රකින රැුල්ල’ සහ, MEPA ඇකඩමිය’’ ඇරඹෙයි

169

 ‘සයුර රකින රැල්ල’ ස්වේච්ඡුා බළකා කි‍්‍රයාන්විතය සහ ,MEPA  ඇකඩමිය’’ විෂය භාර අමාත්‍ය සහ අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (11 දා) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී ආරම්භ විය.

 සැප්තැම්බර් මස 18 යෙදී තිබුණු අන්තර්ජාතික වෙරළ පවිත‍්‍රතා දිනයට සමගාමීව සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය මෙම උත්සවය සංවිධානය කර තිබිණි.

අගමැති ප‍්‍රධානත්වයෙන් ‘සයුර රකින රැුල්ල’ සහ, MEPA ඇකඩමිය’’ ඇරඹෙයි

වෙරළ පවිත‍්‍ර කිරීමේ ස්වෙච්ඡුා බළකා කි‍්‍රයාන්විතයක් ලෙස ‘සයුර රකින රැුල්ල’ ආරම්භ වන අතර තරුණ තරුණියන්ට සමුද්‍රීය රැුකියා අවස්ථා සඳහා දැනුම ලබාදීමේ අරමුණ ඇතිව සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අභ්‍යාස ආයතනය (MEPA Academy)  ආරම්භ විය.

 ”MEPA ඇකඩමිය’’ ට අදාළ අවබෝධතා ගිවිසුම සාගර විශ්වවිද්‍යාල සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලය සමඟ හුවමාරු කර ගැනීම සහ ඇකඩමියට අදාළ නිල ලාංඡුනය එළිදැක්වීමද අග‍්‍රාමාත්‍යතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.

 අන්තර්ජාතික වෙරළ පවිත‍්‍රතා දිනය වෙනුවෙන් නිර්මාණය කළ රුපියල් විසිපහක් වටිනා විශේෂ සමරු මුද්දරය සහ මුල්දින කවරය අග‍්‍රාමාත්‍යතුමාට මෙහිදී පිළිගැන්විණි.

 ශ‍්‍රී ලංකාවේ වැඩබලන ඔස්ටේ‍්‍රලියානු මහ කොමසාරිස් අමැන්ඩා ජවෙල් මහත්මිය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිත (සංවර්ධන වැඩසටහන්) රොබට් ජුගාම් මහතා මෙහිදී මෙරට සමුද්‍රීය කලාප රැුකගැනීම වෙනුවෙන් ඔස්ටේ‍්‍රලියානු රජය හා එක්සත් ජාතීන්ගේ සංවිධානය පරිත්‍යාග කළ සමුද්‍රීය ආරක්‍ෂණ උපකරණ කට්ටල අග‍්‍රාමාත්‍යතුමාට භාර දුන්හ.

 සයුර රකින රැුල්ල ගීත නිර්මාණය අඩංගු ගීත තැටිය ගායක භාතිය ජයකොඩි සහ සන්තුෂ් වීරමන් මහත්වරු විසින් මෙහිදී අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාට පිළිගන්වනු ලැබූහ.

 මෙම අවස්ථාවට වෙරළ සංරක්‍ෂණ සහ පහත්බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මොහාන් පී. ද සිල්වා, අග‍්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, වෙරළ සංරක්‍ෂණ සහ පහත්බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනිල් විජේසිරි, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී. විජේවීර, සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරියේ සභාපති දර්ශනී ලහ`දපුර, තැපැල්පති රංජිත් ආරියරත්න යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගි වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment