අගමැති මෝදිගේ අනාගතය තීරණය වන මෙවර අයවැය

124

ඉන්දීය රජය 2023 වසර සදහා ඉදිරිපත් කළ අය වැය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ තෙවැනි දුර කාලය සදහා තීරණාත්මක සාධකයක් බව ආර්ථික විශේෂඥයෝ පවසති.2024 වසරේ පැවැත්වෙන මහ මැතිවරණය සදහා ඔහුගේ මූල්‍ය හැකියාව සහ ආයෝජකයින්ගේ විශ්වාසය ඇතිකර ගැනීම ඉහළ නංවාගැනීමක් මෙහි අවධානය යොමු කර ඇතැයිද සදහන් කරති. සිය දෙවැනි කාලධුරය තුළ අගමැතිවරයා අතිශය ජනප්‍රියත්වයට පත් විය.ඔහු පැවති කොරෝනා වසංගත තත්ත්වයන් හමුවේදී වුව දේශීය නිෂ්පාදනය සියයට 9.2% දක්වා වර්ධනය කිරීමට සමත් විය. ඉන්දියාව ලොව 05 වැනි විශාලතම ආර්ථිකය ඇති රට බවට පත්කිරීමට ද සමත් විය. එසේම ඉන්දියාව ලොව විශාලතම ආහාර වැඩසටහන ප්‍රතිව්‍යුහගත කළේය.රුපියල් ට්‍රිලියනයක් පමණ රජයේ ඉතිරුම් ලබාගැනීමට හැකිවන පරිදි බල ශක්ති සහනාධාරය කප්පාදු කිරීමට ද පියවර ගන්නා ලදී. ආර්ථික විද්‍යාඥයින් 20කට අධික පිරිසක් කට බ්ලූම්බර්ග් සමීක්ෂණය අනුව අප්‍රේල් මාසයේ සිට ආරම්භ වන මූල්‍ය වර්ෂය අය වැය ජනතාවාදී පියවර සදහා නිෂ්පාදනය ශක්තිමත් කිරීම සහ රැකියා උත්පාදනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනු ඇතැයි අපේක්ෂා කරයි. අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ඉන්දියාව ලොව විශාලතම 05වැනි ආර්ථිකය ඇති රට බවටද පත්කිරීමට සමත්ව ඇත. කෙසේවෙතත් ඔහුගේ විශ්වාසවන්ත කාන්තා ඡන්ද පදනමට යම් බලපෑමක් වී ඇත්තේ මෙම මුදල් වර්ෂයේදී එල්පී ගෑස් සදහා දුන් සහනාධාරය කප්පාදු කිරීමට.එය වසර දෙකකට පෙර රුපියල් බිලියන 352ක් විය.මෙවර එය බිලියන 58.1ක් දක්වා පහත දමා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment