අගමැති මෝදිගේ ගොවි ප‍්‍රතිසංස්කරණ නීති ඉවත් කිරීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයට

91

ඉන්දීය කැබිනට් මණ්ඩලය අගමැති නරේන්ද්‍ර සිං මෝදී විසින් ඉදිරිපත් කර ඇති ගොවිතැන් කටයුතු සම්බන්ධ ප‍්‍රතිසංස්කරණ නීති තුනක් ඉවත් කිරීමේ යෝජනාවට ලබන බදාදා (24දා) පැවැත්වෙන කැබිනට් මණ්ඩල  රැස්වීමේදී අනුමැතිය ලබා දීමට නියමිතව ඇති බව ඉන්දීය රජය පවසයි.

 කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබුණු පසු මෙම යෝජනාව මීළඟ පාර්ලිමේන්තු සැසිවාරයේදී ක‍්‍රියාත්මක කෙරෙනු ඇති බවද රජය පවසා තිබේ. වසරක පමණ කාලයක් මුළුල්ලේ ඉන්දීය ගොවීන්ගේ විරෝධයට පාත‍්‍රව තිබූ මෙම ගොවි ප‍්‍රතිසංස්කරණ නීති ඉවත් කරගන්නා බවට අගමැති මෝදි ඉකුත් සිකුරාදා ප‍්‍රකාශ කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment