අගමැති මෝදි ලුම්බිණියේ දිනක් ගතකරයි

394


නේපාලයේ නිල සංචාරයක නිරතවූ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ඉකුත් 16 වැනිදා ලුම්බිණියේ දිනක් ගතකරමින් යාඥාවේ යෙදුණි. නේපාල අගමැති ශ්‍රී බන්ධූර් දෙව්බා සහ බිරිද වන අර්සු රානා දෙව්බා මහත්ම මහත්මීන්ගේ ආරාධනය මත ඉන්දීය අගමැතිවරයා මෙම නිල සංචාරයේ නිරත විය .මෙහිදී ලුම්බිණියට පැමිණි ඉන්දීය අගමැතිවරයා බුදුන්වහන්සේ නිශ්චිතවම උපන් ස්ථානය ලෙස සැලකෙන මායා දේවී විහාරය ද වැඳපුදාගත්තේය.ඉන්පසු ලුම්බිණි ආරාම කලාපයේ බෞද්ධ සංස්කෘතික හා උරුමයන් සඳහාවූ ජාත්‍යන්තර මධ්‍යස්ථානයක් ඉදිකිරීමේ උත්සවයටද සහභාගී විය.මෙම මධ්‍යස්ථානය බුදුදහමේ අධ්‍යාත්මික අංශවල තොරතුරු දැනගැනීමට ලොවපුරා වන්දනාමානකරුවන්ට සහ සංචාරකයිනට පහසුකම් සලසන ස්ථානයක් වනු ඇතැයිද පැවසීය.
මෙම සංචාරයේදී ඉන්දීය අගමැතිවරයා නේපාලය සහ ඉන්දියාව එක්ව ජල විදුලිබලාගාර කිහිපයක් ඉදිකිරීම සඳහාවූ ගිවිසුම් කිහිපයකටද අත්සන් තැබීය.අයෝධ්‍යා නුවර ශ්‍රී රාම් දෙවියන් වෙනුවෙන් අලංකාර දේවාලයක් ඉදිකිරීම ඉන්දීය සහ නේපාල ජනතාවගේ එකසමාන සතුටක් ඇතිවන කරුණක් බවද ඉන්දීය අගමැතිවරයා මෙහිදී පැවසීය.නේපාල ජනතාව නොමැතිනම් රාම් දෙවියන් අසම්පූර්ණ යැයිද සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment