අගමැති යනවද නැද්ද තීරණය අද

228

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධ අවසන් තීරණය අද (9 දා)  ගැනීමට නියමිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ සඳහා අද පෙරවරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ පක්‍ෂ කිහිපයක නායකයන් සමග අග්‍රාමාත්‍යවරයා සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවත් එම ආරංචි මාර්ග පවසයි. අග්‍රාමාත්‍යවරයා ඉවත්වීමත් සමග කැබිනට් මණ්ඩලයද විසුරුවා හැරෙන බැවින් නව කැබිනට් මණ්ඩලයක් පත් කිරීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්‍ෂවල එකඟතාව ගැන විමසා බැලිය යුතු බවත් එසේ නිසි එකඟතාවයක් ඇතිවේ නම් අග්‍රාමාත්‍යවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධව තීරණය

ගැනීමට සූදානම් බවත් පැවසූ එම ආරංචිමාර්ග අද පක්‍ෂ කිහිපයක නායකයන් සමග සාකච්ඡා කරන්නේ ඒ සම්බන්ධව බවත් සඳහන් කළේය.

නෝමන් පළිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment