අගමැති ‘යෝගා’ සැමරුම් වැඩසටහනට එක් වෙමින්…

192

මෙවර ජාත්‍යන්තර යෝගා දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් ඊයේ (21 වැනිදා) කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී විශේෂ ‘යෝගා’ සැමරුම් වැඩසටහනක් සංවිධානය කරනු ලැබීය.

එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගිවූ අතර එම අවස්ථාවට විශේෂ ආරාධිතයකු ලෙස ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සහභාගි විය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2014 වර්ෂයේ ජාත්‍යන්තර යෝගා දිනය ප්‍රකාශයට පත් කරන ලද අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ යෝජනාවක් අනුව 2015 ජුනි 21 වැනි දින සිට සෑම වසරකම ජාත්‍යන්තර යෝගා දිනය සමරනු ලබයි.

advertistmentadvertistment
advertistmentadvertistment