අගමැති සහ විපක්ෂ නායක උණුසුම් මත ගැටුමක්

355

පාර්ලිමේන්තුවේ දී අද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර උණුසුම් මත ගැටුමක් ඇති විය. ආණ්ඩු බලය බලෙන් ලබා ගැනීම හැර ලැබෙන තුරු බලා සිටිය නොහැකි යැයි අගමැතිවරයා විපක්ෂ නායකවරයාට පැවසීය එනිසා ආණ්ඩු බලය ලබා ගන්නා හැටි කියා දීමට තමා හා එක් වන ලෙසත් එය මාස දෙකක පමණ කාලයක් තුළ විපක්ෂයට ඉගැන්විය හැකි බව ද අගමැතිවරයා සඳහන් කළේ ය. මෙහිදී විපක්ෂනායකවරයා පැවසූවේ තමා තනිව පක්ෂයක් ගොඩනඟා මැතිවරණයකින් පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු රැසක් පත්කර ගත් බවය .අගමැතිවරයාට එසේ කරගැනීමට හැකි නොවූ බවත් ඔහු පාර්ලිමේන්තුවට මෙවර පත්වූයේ ජාතික ලැයිස්තුවෙන් බවත් සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment