අගමැති හමුවෙන්න ගිය කාදර් මස්තාන්ට කොරෝනා

307

අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට ගිය පොදුජන පෙරමුණේ වන්නි දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කාදර් මස්තාන් මහතා කොරෝනා ආසාදිතයකු බවට තහවුරු වීමෙන් පසුව ඔහු කොරෝනා මර්දන රෝහලක් වෙත 9 වැනිදා යොමු කර තිබේ.
 
 දැනට පවතින තත්ත්වය මත අගමැතිවරයා හමුවීමට පැමිණෙන මැති ඇමැතිවරුන් ඇතුළු සියලූම දෙනා අරලියගහ මන්දිරයේ දී ඇන්ටිජන් පරීක්ෂණවලට යොමු කෙරෙන අතර කාදර් මන්ත‍්‍රීවරයා කොරෝනා ආසාදිතයකු වශයෙන් හඳුනාගෙන ඇත්තේ එම පරීක්ෂණයකදීය.
 
 කාදර් මස්තාන් මන්ත‍්‍රීවරයා පසුගිය වසරේ කොරෝනා වසංගතය ආරම්භ වූ අවස්ථාවේදී මන්නාරමේ අවමංගල උත්සවයකට සහභාගී වී සිටියදී කොරෝනා ආසාදිතයකු සමග ළ`ගින් ඇසුරු කිරීම නිසා ඔහුට දින දාහතරක කාලයක් නිරෝධායනය වීමට සිදු වුවත් ඒ අවස්ථාවේදී මන්ත‍්‍රීවරයා කොරෝනා ආසාදිත නොවිණි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment