අගමැති හා විපක්‍ෂ නායක උත්තරීතර මහා නායක ධුරයට පත් අග්ගමහා පණ්ඩිත දොඩම්පහළ චන්ද්‍රසිරි නාහිමි බැහැ දකිති

327

අගමැති මහින්ද රාජපක්ෂ මහතා පෙරේදා (27 දා)  පස්වරුවේ දී රාජගිරිය කලපළුවාව තපෝවන භාවනා මධ්‍යස්ථානයට පැමිණ ශී‍්‍ර ලංකා අමරපුර මහා නිකායේ අභිනව උත්තරීතර මහානායක ධුරයට පත් අග්ගමහා පණ්ඩිත දොඩම්පහළ චන්ද්‍රසිරි නාහිමියන් බැහැදුටුහ.

අග්ගමහා පණ්ඩිත දොඩම්පහළ චන්ද්‍රසිරි නාහිමියන්ට පිරිකර පූජා කළ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පළමුව උන්වහන්සේගේ සුවදුක් විමසා සිටියේය. ශී‍්‍ර ලංකා අමරපුර මහා නිකායේ අභිනව උත්තරීතර මහා නායක ධුරයට පත් අග්ගමහා පණ්ඩිත දොඩම්පහළ චන්ද්‍රසිරි නාහිමියෝ එහිදී කෙටි අනුශාසනාවක් පැවැත්වූහ.

Amarapura Mahanahimi2

විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ගෝතම තපෝවනය ප‍්‍රධාන ශාඛා මධ්‍යස්ථානයන්හි අධිපති, වංගීස වංසාලංකාර කම්මට්ඨානාචාර්ය ශ‍්‍රී ලංකා අමරපුර නිකායේ උත්තරීතර මහා නායක අමරපුර කල්‍යාණවංශ පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය දොඩම්පහල චන්ද්‍රසිරි නාහිමියෝ ප‍්‍රමුඛ මහා සංඝරත්නය බැහැ දැක ආශිර්වාදය ලබා ගත්තේය.

රාජගිරිය තපෝවන විහාරස්ථානය වෙත පැමිණි විපක්ෂනායකවරයා උන්වහස්සේ හමුවී රටේ මතුව ඇති ව්‍යසනකාරී තත්ත්වය ඇතුළු කරුණු කාරණා රැුසක් පිළිබඳව එහිදී සාකච්ඡුා කර තිබිණි.

විපක්ෂ නායක සමග මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන ගයන්ත කරුණාතිලක, තිස්ස අත්තනායක යන මහත්වරුන් ඇතුළු පිරිසට ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාදය ද හිමි විය.

advertistmentadvertistment
advertistmentadvertistment