අගයක් හා වටිනාකමක් ඇති ප‍්‍රමිතියෙන් යුතු ආණ්ඩුවක් පිහිටුවනවා – විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස දිවුලපිටියේදී කියයි

92

* ආණ්ඩුවේ ඇත්තේ බොරු පුරාජේරුව විතරයි

යමෙකු ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් එම ආණ්ඩුව වටිනාකමක් ඇති අගයක් ඇති මෙන්ම ප‍්‍රමිතියක් ඇති ආණ්ඩුවක් විය යුතුයි. එය එසේ වුවත් වර්තමාන ආණ්ඩුව කිසිම ප‍්‍රමිතියක් නැති හා වටිනාකමක් අගයක් නැති ආණ්ඩුවක් බවට පත්ව තිබෙනවා. අනාගතයේ මෙරට පිහිටුවනු ලබන සමගි ජනබලවේගයේ ආණ්ඩුව සැබවින්ම අගයක් ඇති වටිනාකමක් ඇති නියම ප‍්‍රමිතියෙන් යුතු ආණ්ඩුවක් බවට පත් කරන්නේ යැයි විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා කීය.

දිවුලපිටිය හොරගස්මුල්ලේදී පැවති සමගි  ජනබලවේගයේ විශේෂ ජනහමුව අමතා හෙතෙම එසේ කීය. අද මෙම ආණ්ඩුවේ ඇත්තේ බොරු පුරාජේරුව, ශෝභනය හා සංදර්ශනය වැනි තත්ත්වයන් පමණයි. අපේ ආණ්ඩුවක් යටතේ ශෝභනය වෙනුවට සේවයත්, සංදර්ශනය වෙනුවට සංවර්ධනයත්, මිත්‍යාව වෙනුවට විiාවත් සහිත ජනතා හිතවාදී පාලනයක් ස්ථාපිත කරනවා.

මෙම ආණ්ඩුව යටතේ බඩට රිදවන, සිතට වදදෙන, පෝලිම් සහිත, දුක් සුසුමන්, අඳෝනා වේදනා, රජයන තත්ත්වයක් උදා වී ඇති බව ද විපක්‍ෂ නායකවරයා පැවසීය.

මේ ආණ්ඩුව යටතේ රුපියල මස්තබාල්දු වෙලා. විදේශ සංචිත අතිශයින් හිගවෙලා. බඩගින්න සාපිපාසාව රජවෙලා. ආණ්ඩුවට ආත්ම ගරුත්වයක් නැහැ. ආත්ම විශ්වාසයක් නැහැ. ආත්ම ශක්තියක් නැහැ. සැබවින්ම පිටකොන්දක් නැහැ.

නිදහසින් පසුව බිහිවුණ කිසිම විපක්‍ෂයක් අප වගේ ජනතා සේවයට කැප වුණේ නැහැ. අප ජනතාවගේ දේපතුළ ළඟට ගොසින් තමා සේවය කරන්නේ. මම ඕනෑම ජගතෙකුට අභියෝග කරනවා පුළුවන් නම් මේ සජිත් පේ‍්‍රමදාස වගේ කරට කර සිට ජනතා සේවය සලසන්න කියා. මා දන්නවා එම අභියෝගය පිළිගන්න කිසිවකු ඉදිරිපත් වන්නේ නැහැ. සමගි ජනබලවේගයේ අපිට අපට නිසි දැක්මක්, ප‍්‍රතිපත්තියක්, දර්ශනයක් වගේම ආත්ම

ගරුත්වයක්, ආත්ම ශක්තියක් තිබෙනවා. එනිසා අපට රටේ ජන දුකට පිහිට වන්නට ජනසෙත සදන්නට පිළිවන්.

බොරුව වපුරා මිත්‍යාව රජකරවා මානසික අසහනය ඇති කළ මේ ආණ්ඩුව නිසා උද්දමනය හා විරැුකියාව ඇතිවී කර්මාන්ත කඩා වැටීම, ගොවිදුක, ජනදුක රජවීම සිදුවී තිබීම හැර සිදුවන සංවර්ධනයක් නැහැ. සේවයක් නැහැ. අප විපක්‍ෂයේ සිටියත් පාසල්, පන්සල්, රෝහල් වැනි තැන් දියුණු කරන්නට පියවර ගන්නවා. අදත් අපි දිවුලපිටිය අකරගම ග‍්‍රාමීය රෝහලට රුපියල් ලක්‍ෂ 16 ක් වටිනා රෝහල් උපකරණ රැුසක් පරිත්‍යාග කළා. අධ්‍යාපනය නගා සිටුවන්නට පියවර ගත්තා.

ජාතික මට්ටමෙන් පළාත් මට්ටමෙන් දිස්ත‍්‍රික්ක මට්ටමෙන් ප‍්‍රාදේශීය මට්ටමෙන් හා ග‍්‍රාමීය මට්ටමෙන් පක්‍ෂයේ ජයග‍්‍රහණය තහවුරු කිරීමට අප පියවර ගෙන තිබෙනවා. ඒ අනුව දිවුලපිටියේ ඇති ගම් 315 ම ආවරණය වන පරිදි සංවිධාන ජාලයක් ගොඩනැගීමට සියලූ දෙනාම කැපවන්න යැයි ද විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.

හර්ෂණ රාජකරුණා, එඞ්වඞ් ගුණසේකර, හසිත විජේසිංහ යන මහත්වරු ද කතා කළහ.

දිවුලපිටිය-අයි.එම්. අබේරත්න

advertistmentadvertistment
advertistmentadvertistment