අගරදගුරු ඩෙස්මන්ඞ් ටුටූ ස්වර්ගස්ථවේ

341


නොබෙල් සාම ත්‍යාගලාභී සහ සුදු සුළුතර පාලනයට එරෙහිව දකුණු අප‍්‍රිකානු අරගලයේ ප‍්‍රමුඛයකු වූ අගරදගුරු ඩෙස්මන්ඞ් ටුටූ අද ස්වර්ගස්ථ විය.ස්වර්ගස්ථ වන විට හෙතෙම 90 වැනි වියේ පසුවිය. 90 දශකයේදී ඔහුගේ පුරස්ථි ග‍්‍රන්ථියේ පිළිකාවක් ඇති බව හඳුනා ගන්නා ලද අතර මෑත වසරවලදී ඔහුගේ පිළිකා ප‍්‍රතිකාර හා සම්බන්ධ ආසාදනවලට ප‍්‍රතිකාර කිරීම සඳහා අවස්ථා කිහිපයකදී රෝහල් ගත කරන ලදී.වර්ණභේදවාදයට එරෙහි ඔහුගේ අවිහිංසාවාදී අරගලය වෙනුවෙන් ටූටූ 1984 නොබෙල් සාම ත්‍යාගය පිරිනමන ලදී. 1986 දී කේප් ටවුන් හි පළමු කළු අගරදගුරු ලෙස නම් කරන ලද අතර, ඇංග්ලිකන් පල්ලියේ ප‍්‍රධානියා බවට පත්විය.

advertistmentadvertistment
advertistmentadvertistment