අගුල් වැටුණ ගුණෙ අයියගෙ කාමරේ…

234

නිහාල් නෙල්සන් ගායන ශිල්පියා පිළිබඳව අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැතැයි සිතමි. මන්ද, ඔහු ගැන නොදන්නා කිසිවෙකුත් ඇතැයි මා නොසිතන බැවිනි. එනමුදු ඔහු චිත්‍රපට පසුබිම් ගායකයකු ලෙස ගැයූ ගී අතළොස්ස වුවද ගැයූවේ, ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව, විශාරද ගුණදාස කපුගේ, ඩී. ආර්. පීරීස්, සරත් දසනායක, එම්. කේ. රොක්සාමි, වික්ටර් දළුගම, නවරත්න ගමගේ, පැටි්‍රක් දෙනිපිටිය වැනි ප්‍රතිභාපූර්ණ සංගීත අධ්‍යක්ෂවරුන්ගේ ගී තනු නිර්මාණ යටතේ හා මහාචාර්ය සුනිල් ආරියරත්න, ආචාර්ය තිස්ස අබේසේකර, ආචාර්ය අජන්තා රණසිංහ, ප්‍රේමකීර්ති ද අල්විස්, ජෝර්ජ් ලෙස්ලි රණසිංහ, සිරිල් ඒ. සීලවිමල, නිලාර් එන් කාසීම් වැනි ප්‍රතිභාපූර්ණ ප්‍රවීණයන්ගේ පද රචනා යටතේ බව දන්නේ කීයෙන් කී දෙනාද?

මේ සටහනින් ඔබ වෙත ගෙන ඒමට සූදානම් වන්නේ, ඔහු ගැයූ චිත්‍රපට පසුබිම් ගීතාවලිය පිළිබඳවයි.
ප්‍රථමයෙන් ඔහු පිළිබඳව කෙටි සටහනක් තැබීම සුදුසු යැයි විශ්වාස කරමි.
අගුල් වැටුණ ගුණෙ අයියගෙ කාමරේ…

මොරටුවේ වෙළඳ ව්‍යාපාරිකයෙක් වූ ජී. ඩී. හෙන්ද්‍රික් මහතාට සහ ඉංග්‍රීසි ගුරුවරියක් වූ හේමා වීරවර්ධන යුවළට දාව එම පවුලේ එකම දරුවා ලෙස නිහාල් නෙල්සන් උපත ලබන්නේ” 1946 වර්ෂයේ ජනවාරි 09 වන දිනයි. පාසල් අධ්‍යාපන අවධියට එළැඹීමත් සමගම රාවතාවත්තේ රෝමානු කතෝලික පාසලට මූලික අධ්‍යාපනය සඳහා පිවිසෙන ඔහු” පසුව මොරටු විද්‍යාලයට ඇතුළත්ව අධ්‍යාපන කටයුතුවල නිරත වේ. ඉන් අනතුරුව වැල්ලවත්තේ පොලි ටෙක්නික් විද්‍යාලයට පිවිස එහිදී” පාලි හා සංස්කෘත භාෂාවන් පිළිබඳව හැදෑරීමක නිරතවේ.

පාසලේ පන්ති කාමරයෙන් සංගීතයේ මුලකුරු පටන් ගන්නා ඔහු 1962 වර්ෂයේ දී (16 වන වියේදී ) තමාම ලියා තනුවක් යොදාගත් ගීතයක් මොරටුව ලක්ෂපතියේ යුවළකගේ

විවාහ මංගල්‍යයේ දෙවන ගමන වෙනුවෙන් පැවති උත්සවයකදී ගායනා කරමින් තම සිහිනයේ ඉදිරි පියවරකට ආරම්භය ලබාගනී. එම උත්සවයේ සංගීතය මෙහෙයවූ” ඒ. ජේ. කරීම් සංගීතවේදියාණන් මේ ගැටවරයාගේ හැකියාව ගැන පැහැදී” ප්‍රවීණ සංගීතවේදී ආර්. ඒ. චන්ද්‍රසේන සූරීන් වෙත ඔහු යොමු කරයි. ඒ යොමු කිරීමේ ප්‍රතිපලයක් ලෙස නිහාල් මුලින් ලියූ ගීතය ඔහුගේ මිත්‍ර සරත් මුණසිංහයන් ලවා සංස්කරණය කොට ආර්. ඒ. චන්ද්‍රසේන සූරීන්ගේ සංගීතයෙන් හැඩගැන්වී 1963 වර්ෂයේ පෙබරවාරි මස එක් දිනයකදී කොල්ලුපිටිය සරසවි චිත්‍රාගාරයේදී මර්වින් රුද්‍රිගු ශබ්ද පරිපාලකවරයාගේ අධීක්ෂණය යටතේ පටිගත විය. එම ගීතය ‘ලස්සනට පිපුණු වන මල් . නම් විය. ඒ ඔහු පටිගත කළ ප්‍රථම ගීතයයි. ඉන් අනතුරුව ගී ගැයූ ගීත තැටිවලට අමතරව කැසට් පට ප්‍රමාණය 113 ක් පමණ විය. ඒ අනුව ඔහු ගැයූ ගීත දහස් ගණනකි.

පිළියන්දල” සුවාරපොල ප්‍රදේශයේ පදිංචිව සිටි අලුත්ගේ ශ්‍රියාලතා මාලිනි පෙරේරා සමඟ 1974 මැයි මස 16 වන දින විවාහ දිවියට ඇතුළත් වන” ඔවුනට තරංග නෙල්සන් නමින් එක් පුතණුවකු විය. 2020 වසරේ ජූලි 01 වන දින ඉතාමත් අනපේක්ෂිත අයුරින් නිහාල්ගේ ආදරණීය බිරිඳ දිවියෙන් සමුගැනීම සිදුවිය. එයින් පසුව ඔහුගේ ලෝකය වූයේ එකම පුතු තරංග සහ පුතුගේ බිරිඳ ගයනිත් ඔවුනගේ සිඟිති දියණිය කයිලි අමේලියාත් පමණි‘

අගුල් වැටුණ ගුණෙ අයියගෙ කාමරේ…

අතීතයේ එක්තරා යුගයකදී ප්‍රබුද්ධ පීචං සංවාදයක් ඇතිවිය. එච්. ආර්. ජෝතිපාල” නිහාල් නෙල්සන් වැනි කීපදෙනකු පීචං ගොඩට තල්ලු කර තිබිණ. එලෙස තල්ලු කරන ලද නිහාල් නෙල්සන් ගායන ශිල්පියා” ප්‍රතිභාපූර්ණ ගීත රචකයන්ගේ සහ සංගීතවේදීන්ගේ පද -තනු අනුව ගැයූ චිත්‍රපට පසුබිම් ගීතාවලිය පිළිබඳව මෙතැන් සිට විමසා බලමු.

ඔහු ගැයූ ගී ඇතුළත් චිත්‍රපට තිරගත වූ පිළිවෙළට අනුව දක්වා ඇත.

අගුල් වැටුණ ගුණෙ අයියගෙ කාමරේ…
මා මළ දා ගීතය එවකට හිටපු අගමැති ආර් ප්‍රේමදාස මහතාට පිළිගන්වමින්. ගීත රචක හේමසිරි හල්පිට මහතා ද පසෙකින් සිටී.

පෙම් කුරුල්ලෝ – අධ්‍යක්ෂණය ලුවී වැන්ඩ්‍රස්ට්‍රාටන්. (1975) – කසිලි බිසිලි නෑ අතේ පච්චා නෑ ගීතය ගායන සහය : බන්දු රණසිංහ”

‘යමන්ති. අධ්‍යක්ෂණය – වසන්ත ඔබේසේකර (1976) ඇලඩින්ගේ පුදුම පහණ නොලැබුණොතින් අපට හෙටක් නෑ ගීතය” ගායන සහය; ආචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි” කේ. ඒ. ධර්මසිරි පෙරේරා

‘ලෝක හොරු. අධ්‍යක්ෂණය – ආචාර්ය තිස්ස අබේසේකර (1976) යන්න දුර ගමනක් පාර ඉවර නෑ ගීතය.

‘හරියනකොට ඔහොම තමයි‘ අධ්‍යක්ෂණය -ගාමිණි හේවාවිතාරණ (1977) මෙම චිත්‍රපටයට ඔහුගේ ගීත යුගලයක් ඇතුළත් විය. ඉඳා මල්ලී ශත දහයක් බීපන් සෝඩා ගීතය” ගායන සහය : ප්‍රෙඩී සිල්වා

‘සඳවට රන්තරු.- අධ්‍යක්ෂණය ආනන්ද හේවගේ” -සිරි කුලරත්න ඔහු ගීත යුගලයකට දායකව ඇත. බලාපොරොත්තුවේ රුවන් මල්ල පිරීලා ගීතය” ගායන සහය: එච්. ආර්. ජෝතිපාල

මං සොලමන් මගෙ ෂීබා ගීතය” ගායන සහය : රංජනී පෙරේරා” වාලම්පුරි අධ්‍යක්ෂණය – බර්මින් ලයිලි ප්‍රනාන්දු (1981) වරෙල්ලා වරෙල්ලා වරෙල්ලා වරෙල්ලා ගීතය” ගායන සහාය; එච්. ආර්. ජෝතිපාල /අබේවර්ධන බාලසූරිය/ලක්ෂ්මන් විජේසේකර /ග්‍රේෂන් ආනන්ද

සක්විති සුවය අධ්‍යක්ෂණය – ගාමිණි ෆොන්සේකා (1982) ඉහළින් යන්නෝ අහසේ වඩින්නෝ ගීතය

ගායන සහය: එච්. ආර්. ජෝතිපාල / එම්. එස්. ප්‍රනාන්දු

අගුල් වැටුණ ගුණෙ අයියගෙ කාමරේ…

රතු මකරා අධ්‍යක්ෂණය – තිලක් වේහැල්ල (1983)” නිහාල්; හොඳ දවසක් මල්ලී අද හොඳ දවසක් ගීතය ගායන සහය: පෝල් ප්‍රනාන්දු”

බෝනික්කා අධ්‍යක්ෂණය ලුවී වැන්ඩ්‍රස්ට්‍රාටන් (1983)” සඳෙන් ගෙනා බෝනික්කා ඉරෙන් ගෙනා බෝනික්කා

ගීතය” ගායන සහය: සිසිල් රුද්‍රිගු”

ශිරාණි අධ්‍යක්ෂණය -එම්. ඒ. ගෆූර් (1984) ‘පෙරකදෝරුකම ලැබිලා ඇවිල්ලා. ගීතය”

පුතුනි මට සමාවෙන්න අධ්‍යක්ෂණය -තිලක් වේහැල්ල (1985) සොමියට වරෙන් පුතා අගුළු දාල නෑ දොරේ ගීතය” කැසට් පටයකට ගැයූ මුල් ගීතය මෙම චිත්‍රපටයට යොදාගෙන ඇත.

මල්වරුසා අධ්‍යක්ෂණය කේ. ඩී. දයානන්ද (1986)” ජැක් ඇන්ඩ් ජිල් ඇන්ඩ් වින් මස්සිනේ ගීතය” ගායන සහය; ප්‍රෙඩී සිල්වා

‘රෝදය. අධ්‍යක්ෂණය -බන්දු සමරසිංහ (1995) නව හිරු සඳු පායාලා දුක් ලතැවුල් පාවීලා ගීතය” ගායන සහය: මිල්ටන් මල්ලවාආරච්චි/බන්දු සමරසිංහ”

සිකුරු යෝගය අධ්‍යක්ෂණය – බර්මින් ලයිලි ප්‍රනාන්දු (2019) රාජ ඉසුරු සැප ලබන්න ගීතය” ගායන සහය : ටෝනි හසන්/හේමන්ති රණසිංහ/

ගයනි පෙරේරා/සඳුණි ස්වර්ණමාලි මෙය චිත්‍රපටයේ තේමා ගීතයයි

කැසට් පට” සංගීත තැටි පෙරමෙන් නිෂ්පාදනය නොවූවත්” චිත්‍රපට කර්මාන්තය අඩපණ වූවත්” නිහාල් නෙල්සන් නොනැවතී ගී ගයා ඇත. ඔහුගේ

හැකියාවට ලද රැකියාව ගායනයයි. ගැයූ සෑම ගීතයකින්ම වස නොවූ රස මැව්ව ඔබගේ හඬ සදා අමරණීයයි.

ඇන්ටන් ජේ. ප්‍රනාන්දු

මා මළදා ගී ලියන්න එපා

මා මළදා සොහොන් කොතේ ගී ලියන්න එපා
නන්නාඳුනනා හඬකින් ගී ගයන්න එපා
කුරුල්ලනේ රැහැයියනේ තනි රකින්න එපා
මගේ ලොවට එළිය දෙන්න ඉටිපන්දම් එපා
බියර් විස්කි බීල වරෙන් කුකුල් කකුල් කාල වරෙන්
මගේ සිංදු ඇතිවෙනකම් දාගෙන නටපන්…//

අයියෝ පව් ගායකයා නැතෙයි කියාලා
දෙයියෝ ළඟ දණ ගහගෙන මීටින් තියලා
හඩාදොඩා ඉන්න එපා අබිලික් වීලා
කවදාවත් මං එන් නෑ වළෙන් නැගිටලා
දොයියා ගත් පුතේ ඉතින් නැගිටින් කියලා
නෙයියාඩම් නටනු එපා සුදුකොඩි එලලා
කල්ප ගණන් හිටින්න මම කිව් ගී ගයලා
අල්ප දයනු දිග ඇරෙන්න තව නටපල්ලා

මා මළදා සොහොන් කොතේ…

ගොක් කොළ පාවඩ දාන්න ඕනෙ නෑ අනේ
වෙස්සන්තර කවි කීමෙන් පලක් නෑ පනේ
තුන් මාසෙට හත් දවසට මොකටද දානේ
මගේ ගී තැටි තියා ගන්න ගෙදරක් ගානේ
සංදර්ශනවල අත්පුඩි ගහන ළමයිනේ
මා වටකර ගෙන මට දිරිදෙන රසිකයිනේ
පසුබිම් සංගීතය ඔප කරන මහතුනේ
මා මෙන් ගායක පරපුර සැලකිය යුතුනේ

මා මළදා සොහොන් කොතේ…

ගායනය -නිහාල් නෙල්සන්
ගීත සංකල්පනාව හේමසිරි හල්පිට

advertistmentadvertistment
advertistmentadvertistment