අගුලානේ නිවසක අවි ගබඩාවක් කොණ්ඩ ජනියාගේ සපෝටර්ලා තිදෙනෙක් අත්අඩංගුවට

427

මොරටුව විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන්ට ලද බුද්ධි තොරතුරකට අඟු‍ලාන දුම්රියපොළ ඉදිරිපිට නිවසක් පරීක්ෂා කිරීමේදී එම නිවසේ තිබී ගල්කටස් වර්ගයේ ගිනි අවියක්, දේශීයව නිපද වූ කුඩා පිස්තෝලයක්, ජීව අත්බෝම්බ එකක්, ජීව උණඩ 10, කිනිසි 02, කුඩා කඩු 02, මන්නා පිහියක් සහ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අගුලානේ නිවසක අවි ගබඩාවක් කොණ්ඩ ජනියාගේ සපෝටර්ලා තිදෙනෙක් අත්අඩංගුවට

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ මයිකල් විල්ෆඞ් පෙරේරා (48) ශේහාන් රමේෂ් පෙරේරා (22) පිය පුතු ඇතුුළු රංජිත් සමන්ත (50) යන පුද්ගලයින් තිදෙනා ය.

මෙම අත්අඩංගුවට පත් පුද්ගලයින් තිදෙනා වැඩිදුර පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදෙන බව විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් ප‍්‍රකාශ කරන ලදී.

මෙම අත්අඩංගුවට පත් තිදෙනා පාතාල කල්ලි සාමාජික කොණ්ඩ ජනියා සමග සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයින් වන අතර මොවුන් විසින් නිෂ්පාදනය කරන ලද මෙම අවි ආයුධ කොණ්ඩ ජනියාට ලබා දෙනවා දැයි පරීක්ෂණ සිදුකරන බව විශේෂ කාර්ය බළකා නිලධාරීන් ප‍්‍රකාශ කරන ලදී.

වැඩිදුර පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සිදුකරන ගෙන යනු ලබයි.

මොරටුව -එස්.ඒ.ආර්. ප‍්‍රනාන්දු
 

advertistmentadvertistment
advertistmentadvertistment