අගෝස්තුවේ ඩොලර් මිලියන 1000ක අපනයන ආදායමක්

172

පසුගිය අගෝස්තු මාසයේ ඩොලර් මිලියන දහස ඉක්මවූ අපනයනය ආදායමක් මෙරටට හිමිව තිබේ. රේගු සංඛ්‍යා ලේඛනවලට අනුව පසුගිය වසරේ

අගෝස්තු මාසයේදී වාර්තා වූ ඇමරිකානු ඩොලර් මිලියන 947.2ක වටිනාකමට සාපේක්‍ෂව වෙළෙඳ භාණ්ඩ අපනයනයේ ඉපැයීම් මෙම වසරේ අගෝස්තු මාසයේදී සියයට 14.4කින් හෙවත් ඩොලර් මිලියන 1083.56ක් දක්වා වර්ධනය වී ඇත. මීට පෙර මේ වසරේ මාර්තු, ජුනි සහ ජූලි මාසවල ශ‍්‍රී ලංකාව ඩොලර් මිලියන 1000ක අපනයන සීමාව පසු කළේය.

2020 වසරේ අගෝස්තු මාසයට සාපේක්‍ෂව 2021 අගෝස්තු මාසයේ දී යුරෝපා කලාපයට යවන අපනයනයන් සමස්ත අපනයනයෙන් සියයට 22.97ක් වශයෙන් ද මැදපෙරදිග රටවල් සඳහා සියයට 4.8ක ප‍්‍රමාණයක් ද අප‍්‍රිකානු කලාපය සඳහා සියයට 2.7ක් ද වශයෙන් සමස්ත අපනයනය බෙදා දැක්විය හැකිය. ඇමරිකා එක්සත් ජනපදයට සියයට 25.3ක් ද වශයෙන් අපනයන සිදු කර තිබේ.

එමෙන්ම වැඩිම අපනයන ආදායම ඇ`ගලූම් අංශයෙන් ලැබී ඇති අතර එය ඇමරිකානු ඩොලර් මිලියන 491.5කි. එසේම තේ අපනයනයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 116.78ක ආදායමක් ලැබී ඇති අතර රබර් ආශ‍්‍රිත නිෂ්පාදන අපනයනයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 93.34ක් ද ලැබී තිබේ. එසේම පොල් ආශ‍්‍රිත නිෂ්පාදන අපනයන ඩොලර් මිලියන 73.95ක් වෙයි.

ප‍්‍රභාත් විතාන
 

advertistmentadvertistment
advertistmentadvertistment