අගෝස්තු නිමවීමට පෙර 60 ට වැඩි සියලු දෙනාට කොවිඩ් එන්නත

296

ශී‍්‍ර ලංකාවේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට අගෝස්තු මස 31 වැනිදා වන විට කොවිඞ් මර්දන එන්නතෙහි පළමු මාත‍්‍රාව ලබාදී අවසන් කරන බව ඖෂධ නිෂ්පාදන සැපයුම් සහ නියාමන රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
 
 මේ වන විට වයස 60ට වැඩි පුද්ගලයින්ගෙන් සියයට 55කට එන්නත් ලබාදී ඇතැයි පැවසූ රාජ්‍ය ඇමැතිවරයා අගෝස්තු මාසය වන විට තවත් එන්නත් මාත‍්‍රා ලක්‍ෂ 80ක් පමණ ලැබීමට නියමිත බැවින් මෙම ඉලක්කය සම්පූර්ණ කර ගැනීමට අපහසු නැතැයිද කීවේය.
 
 මේ දක්වා කොවිඞ් ආසාදිතව මියගොස් ඇති මෙරට පුද්ගලයින්ගෙන් වැඩි පිරිස අවුරුදු 60ට වැඩි අය බවත් ඉන් බහුතරය කොවිඞ් මර්දන එන්නත් ලබාගෙන නැති බවත් සඳහන් කළේය.
 
 උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment