අගෝස්තු මස අපනයන ආදායම 10.24 % කින් ඉහළට

129

ඉකුත් අගෝස්තු මස වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 1213.7ක් දක්වා සියයට 10.24 කින් වර්ධනය වී ඇත.

ගිය වර්ෂත්‍ය් (2021) අගෝස්තු මාසයේ වාර්තා වූ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 1101කි.

අගෝස්තු මස මෙම අපනයන වර්ධනය සඳහා ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ ඇඟලුම් හා රෙදිපිළි අපනයන ආදායම් ඉහළ යෑම බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය කියයි.

මේ අනුව ගිය වසරේ (2021) අගෝස්තු මස ඇමෙරිකානු ඩොලර් මිලියන 491.51ක් වූ ඇඟලුම් හා රෙදිපිළි අපනයන ආදායම මේ වසරේ (2022) අගෝස්තු මාසයේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 565.37 දක්වා ද වර්ධනය වී ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment