අගෝස්තු 01දා සිට කිව්ආර් තෙල් පමණයි

468


සිට දිවයින පුරා පිරවුම්හල් කිහිපයකදී හෙට (26) දින සිට ජාතික ඉන්ධන බලපත්‍රයට අනුව ඉන්ධන සැපයීමේ ක්‍රමය ක්‍රියාත්මක කෙරෙන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කියා සිටී.

ඒ අනුව අගෝස්තු 01 වනදා දක්වා මෙම ක්‍රමය අංක තහඩුවේ අවසාන ඉලක්කම් ක්‍රම‍වේදය ද සමඟ ක්‍රියාත්මක වනු ඇත.

කෙසේවෙතත් අගෝස්තු 1 වැනිදා සිට කිව් ආර් කෝටාව පමණක් ක්‍රියාත්මක වේ. ඉන්පසුව වාහන‍යේ අංක තහඩු පද්ධතියේ අවසාන අංකය සහ අනෙකුත් ප්‍රතිපාදන වලංගු නොවේ.

පහසුකම් නොමැති හෝ තාක්‍ෂණික දුෂ්කරතා ඇති පිරවුම්හල් සඳහා තාක්‍ෂණික ගැටලු නිරාකරණය කරන තෙක් වාහනයේ අංක තහඩු‍වේ අවසාන ඉලක්කම් ක්‍රමයට සහ ඉන්ධන කෝටා වෙන් කිරීම අනුගමනය කරනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment