අගෝස්තු 1 දා සිට හිඟයක් නැතිව ගෑස් දෙනවා

108

කැබිනට් ප්‍රකාශක ඇමැති බන්දුල කියයි

ලබන අගෝස්තු පළමු වැනිදා සිට හිඟයකින් තොරව ගෑස් ලබා ගැනීමට හැකි වන බව ලිට්රෝ සමාගම දැනුම් දී ඇතැයි කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය සහ ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ගෑස් හිඟය නිසා ගෘහණියන්, අම්මාවරුන් මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් විශාල පීඩාවකට පත්වූ බව ද කී ඇමැතිවරයා, පවතින ආර්ථික අසීරුතා මධ්‍යයේ වුවද නිරන්තරයෙන් සාකච්ඡා කරමින් දුෂ්කරතා මඟහැරවීම සඳහා රජයක් ලෙස ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගත් බවද සඳහන් කළේය.

ඒ අනුව ලබන දෙසැම්බර් 31 වැනිදා වන විට රට තුළ පවතින ගෑස් පෝලිම් අවසන් කිරීමට හැකිවනු ඇතැයිද, දෙසැම්බර් 31 වන විට ගෑස් පෝලිම් අවසන් කිරීම සඳහා අවශ්‍ය පියවර ගනු ලැබූ බව ලිට්රෝ සමාගම කැබිනට් මණ්ඩලයට වාර්තා කෙරුණු බවද ඇමැතිවරයා පැවසීය.

කැබිනට් තීරණ දැනුම්දීම සඳහා ඊයේ (26 වැනිදා) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment