අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කුසලාන පාපන්දු තරගාවලිය: සීෂෙල්ස් ශූරතාව දිනයි

413

ඊයේ (19) රාත‍්‍රී කොළඹ හතේ රීඞ් මාවතේ පිහිටී පැරණි තුරඟ තරඟ පිටියේදී නිමාව දුටු ”‍අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කුසලාන”‍ සිව්කොන් ජාත්‍යන්තර ආරාධිත පිරිමි පාපන්දු තරගාවලියෙහි ශූරතාවය දිනා ගැනීමට සීෂෙල්ස් නියෝජනය කළ ක‍්‍රීඩකයෝ සමත් වූහ.

ශූරතාව දිනාගත් සීෂෙල්ස් කණ්ඩායමට ”‍අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කුසලානය”‍ සමගින් මුදලින් ඇමෙරිකානු ”‍ඩොලර් 30.000/=”‍ ක් හිමි විය.

එකී අනුශූරතාව ශ‍්‍රී ලංකාව පිල සතු විය.

ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සහ අන්තර් ජාතික පාපන්දු සම්මේලන සභාපති ගියානී ඉන්ෆැන්ටීනෝ යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන්ර මෙරට දී ක‍්‍රියාත්මක කෙරුණු ප‍්‍රථම සිව්කොන් ජාත්‍යන්තර පාපන්දු තරගාවලියේ තීරණාත්මක අවසන් තරගය ඊයේ පැවැත්වුණි.

දෙසැම්බර් මස 09 දින ආරම්භ කෙරුණු මෙවර තරගාවලිය සඳහා ශ‍්‍රී ලංකාව, සීෂෙල්ස්, බංග්ලාදේශය සහ මාලදිවයින සහභාගි වුණු අතර ලීග් ක‍්‍රමයට පැවැති මූලික වටයේ ඉහළම ප‍්‍රසාද ලකුණු ලබා ගනිමින් මෙවර අවසාන මහා තරගයට වරම් ලබා ගැනීමට ශ‍්‍රී ලංකාව සහ සීෂෙල්ස් දෙ පිලට හැකි විය.

ඒ අනුව යමින් ”‍සුජාන් පෙරේරා”‍ ගේ නායකත්වයෙන් සැදුම්ලත් වූ ශ‍්‍රී ලංකා පිල සහ ”‍ස්ටීව් බෙනොයිට් මේරී”‍ ගේ නායකත්වයෙන් සමන්විත වූ සීෂෙල්ස් පිල අතර ඊයේ (19* පැවැති තීරණාත්මක අවසාන මහා තරගය අපේක්ෂා කළ පරිදිම ආරම්භයේ සිට අවසාන නිමේෂය දක්වාම අතිශය තියුණු හා උණුසුම් මුහුණුවරක් ඉසිලීම කැපී පෙනුණි.

මෙහි ජයග‍්‍රහණය පතා දෙපිලම ආක‍්‍රමණශීලී ක‍්‍රීඩා රටාවක නිරතවීම හේතුවෙන් තරගයේ උණුසුම වඩාත් තීව‍්‍ර විය.

සුජාන් පෙරේරා ගේ නායකත්වයෙන් යුතුව හර්ෂ ප‍්‍රනාන්දු, චමෝද් ඩිල්ෂාන්, චරිත රත්නායක, අසිකූර් රහුමාන්,මොහොමඞ් ආකීබ්,චලන චමීර, අහමඞ් වසීම් රාසික්,මර්වින් හැමිල්ටන්,අබ්¥ල් බාසිත් සහ අහමඞ් ශස්නී ආරම්භක ක‍්‍රීඩකයින් ලෙස තරගයට අවතීර්ණ වූහ.

දේශීය හා විදේශීය පාපන්දු ලෝලීන් විශාල සංඛ්‍යාවකගේ සහභාගිත්වයෙන් ක‍්‍රියාත්මක කෙරුණු මෙම තරඟයේ දී මෙරට ක‍්‍රීඩකයින්ගේ දක්ෂතා ඉහළ අගයක් ගත් බව පෙනෙන්නට තිබුණි.

තරගය ඇරඹී තෙවන මිනිත්තුවේදීම ක‍්‍රියාත්මක වූ මර්වින් හැමිල්ටන් ගෝලයක් වාර්තා කරමින් ශ‍්‍රී ලංකා පිල පෙරමුණ ට රැුගෙන යාමට සමත් විය.මීටර් 42 ක දුර සිට එල්ල කරන ලද නිදහස් පහර ආශ‍්‍රිතව පළමු ගෝලය එසේ සටහන් වුණි.

එහෙත් පළමු භාගය නිමාවන්නට මිනිත්තුවක් තිබියදී ගෝල් තත්ත්වය සම කිරීමට සීෂෙල්ස් පිල සමත් විය. හර්බට් එම්මානුවෙල් තම හිසින් එම ගෝලය රැුස් කළේය.

ඒ අනුව ප‍්‍රථම භාගය නිමාවන විට දෙපිලම ගෝල් 01 – 01 ක් ලෙස කරට කර සිටියහ.

තරගයේ 56 වැනි මිනිත්තුවේදී ක‍්‍රියාත්මක වූ මොහොමඞ් ආකීබ් දෙවන ගෝලය රැුස්කිරීමත් සමගම 02 – 01 ක් ලෙස පෙරමුණ ගැනීමට ශ‍්‍රී ලංකාවට හැකි විය.

73 මිනිත්තුවේදී ශ‍්‍රී ලංකාවට ලැබුණු දඩුවම් පහර සාර්ථක කර ගත් මොහොමඞ් වසීම් රාසික් ගෝල් සංඛ්‍යාව 03 – 01 බවට පත් කර ගත්තේය. 84 සහ89 වැනි මිනිත්තුවල දී ක‍්‍රියාත්මක වෙමින් දෙවන සහ තෙවන ගෝලය රැුස්කරමින් ලකුණු සංඛ්‍යාව 03 – 03 ලෙස සම කිරීමට සිෂෙල්ස් පිල සමත් විය. ඒ අනුව නියමිත කාලය නිම වන විට ගෝල් සංඛ්‍යාව 03 – 03 කි.

ජයග‍්‍රාහී පිල තෝරා ගැනීම සඳහා අනතුරුව ක‍්‍රියාත්මක කරන ලද දඬුවම් පහර ආශ‍්‍රිතව ගෝල් 03 -01 ක ජයග‍්‍රහණයක් සටන් කර ගැනීමට සීෂෙල්ස් පිලට හැකිවිය.

මෙම අවසාන මහා තරගය කටාර් ජාතිකයෙකු වූ ජාත්‍යන්තර විනිසුරු මොහොමඞ් අල්ෂමාරී මහතා විසින් විනිශ්චය කරන ලදී.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment