‘අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අභියෝග කුසලාන’ පාපන්දු තරගාවලිය – අහපත් කාලගුණයෙන් තරග දෙකක් අදට කල් යයි

126

‘අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අභියෝග කුසලාන’ සිව්කොන් ජාත්‍යන්තර පාපන්දු තරගාවලියේ සමාරම්භක උත්සවයට පෙරාතුව ඊයේ (08) ප:ව: 04.00 ට පැවැත්වීමට නියමිතව තිබුණු බංග්ලාදේශය සහ සීෂෙල්ස් අතර තරගය පැවැති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අද (09) දිනය දක්වා කල් දැමීමට සංවිධායකයන් හට සිදු විය.

ඒ අනුව සංවිධානය කර ඇති බංග්ලාදේශය සහ සීෂෙල්ස් අතර තරගය අද පස්වරු 04.00 ට කොළඹ රීඞ් මාවතේ පිහිටි ජාතික ක‍්‍රීඩා සංකීර්ණය හෙවත් පැරණි තුර`ග තරග පිටියේදී ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

මේ අතරවාරයේ ඊයේ (08 වැනිදා) රාති‍්‍රයේ 09.00ට සමාරම්භක තරගය ලෙස පැවැත්වීමට නියමිතව තිබුණු සත්කාරක ශී‍්‍ර ලංකාව සහ මාලදිවයින අතර තරගයද අහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කල් දැමීමට සංවිධායක මණ්ඩලයට සිදුවිය. කල් දමන්නට යෙදුණ එම තරගයද අද (09 වැනිදා) රාතී‍්‍ර 09.00ට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

අනුරුද්ධ හේරත් බණ්ඩාර
 

advertistmentadvertistment
advertistmentadvertistment