අඟපසඟ බලන උපකරණයක්  කියා තහවුරු වී නෑ – පිටබැද්දර ඕ. අයි. සී. කියයි

360

පිටබැද්දර පොලිසිය සිදුකළ මෙහෙයුමකදී සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයා සතුව තිබී අත්අඩංගුවට ගත් උපාංගය කාන්තාවන්ගේ අඟපසඟ හොරෙන් බැලීමට යොදා ගන්නා යාන්ත්‍රික කැමරාවක් බවට මෙතෙක් තහවුරු වී නැතැයි පිටබැද්දර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රභාත් සුදසිංහ මහතා ඊයේ (12 දා) ‘දිවයින’ ට පැවසීය.

 2022 ඔක්තෝබර් 12 වැනිදා දිනපතා දිවයින පුවත්පතේ පළ වූ “කතුන්ගේ අඟපසඟ හොරෙන් බැලීමට කලිසමේ කැමරාවක් සවිකරගෙන සිටියදී මාට්ටු” යන මැයින් පළ වූයේ ප්‍රමාද දෝෂයකිනි.

 කෙසේ වෙතත්, අදාළ උපාංගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට කටයුතු කළ බව ද පිටබැද්දර පොලිස් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් කීය.

 මේ සම්බන්ධයෙන් ‘දිවයින’ ට දුරකථන මාර්ග ඔස්සේ ඇමතුමක් ලබාදුන් අදාළ සිදුවීමට මුහුණ දුන් පුද්ගලයා සඳහන් කළේ එම තාක්ෂණික මෙවලම් “කාඩ් සෙල්ලම් කිරීම” සඳහා භාවිතා කරන්නක් බවය. ඔන්ලයින් මගින් වුව කාටත් ගෙන්වා ගත හැක්කක් බවය.

 වැරදි වැටහීමක් මේ තුළින් රටට දීම නිසා තමා බලවත් අපහසුතාවකට මුහුණ දී ඇති බව ද ඔහු සඳහන් කළේය.

 කර්තෘ සටහන – මෙහිලා සිද්ධියට මුහුණ දුන් අයට වූ අපහසුතාව ගැන අපි අපගේ කනගාටුව ප්‍රකාශ කර සිටිමු.

advertistmentadvertistment
advertistmentadvertistment