අඟුරුවාතොට සූදු පළක් මෙහෙයවූ 87 හැවිරිදි කාන්තාවක ඇතුළු 4 අල්ලයි

332

අඟුරුවාතොට උඩුවර ප්‍රදේශයේ 87 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාව විසින් මෙහෙයවූ සූදුපළක් වටලා එම කාන්තාව ඇතුළු සිව් දෙනකු අත්අඩංගුවට ගැනීමට අඟුරුවාතොට පොලිසිය සමත්වී ඇත.

උඩුවර ප්‍රදේශයේ නිවසක පුද්ගලයන් කිහිප දෙනෙක් එකතු වී සැකකටයුතු යමක නිරතවන බවට පොලිසිය වෙත ලැබුණු තොරතුරක් මත ස්ථානාධිපතිවරයා සහ නිලධාරීන් පිරිස මෙම වැටලීම සිදුකර ඇත.

එහිදී අත්අඩංගුවට ගත් පිරිස සූදු ක්‍රීඩාවේ යෙදී සිට ඇති අතර ඔවුන් සන්තකයේ තිබී ඔට්ටු ඇල්ලීම සඳහා රැගෙන ආ රුපියල් 24000 මුදලක් ද හමුවී ඇත. මෙම සූදුපළ පවත්වාගෙන ගිය වයෝවෘද්ධ කාන්තාව මීට පෙරද මෙවැනි කටයුතු වෙනුවෙන් තරයේ අවවාද කොට ඇද බැඳින ලද සැකකාරියක බව පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් කාන්තාව සහ සැකකරුවන් හතර දෙනා මහෙස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
චන්දන පෙරේරා – ගල්පාත

advertistmentadvertistment
advertistmentadvertistment