අජාන් ගාර්දිය පුංචිහේවා සහ මහේන්ද්‍රන් නැතත් බැඳුම්කර නඩුව දිගටම

146

2015 පෙබරවාරි 27 වැනිදා පැවැති මහ බැංකු බැඳුම්කර වෙන්දේසියකදී පොදු දේපළක් වන රුපියල් මිලියන 688 ක මුදලක් සාපරාධි විශ්වාසය කඩකිරීම ඇතුළු අධිචෝදනා යටතේ පවරා ඇති නඩුවේ පළමු වන විත්තිකාර හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සහ 10 වැනි විත්තිකාර අජාන් ගාර්දිය පුංචිහේවා යන දෙදෙනා නොමැතිව එම නඩු විභාගය ඉදරියට පවත්වාගෙන යෑම සඳහා පියවර ගන්නේ යැයි නීතිපතිවරයා ඊයේ (13 දා)  බස්නාහිර පළාත්බද පළමු ස්ථිර ති‍්‍රපුද්ගල විනිසුරු මඬුල්ලට දැනුම් දුන්නේය. මේ වනවිට සිංගප්පූරුවේ ජීවත්වන පළමු වන විත්තිකාර අර්ජුන මහේන්ද්‍රන් උධර්පන නීතිය යටතේ මෙරටට

ගෙන්වා ගැනීම සඳහා ශී‍්‍ර ලංකා රජය රාජ්‍යතාන්ති‍්‍රක මට්ටමින් සිංගප්පූරු රජයෙන් කළ ඉල්ලීමට මේ දක්වා යහපත් ප‍්‍රතිචාරයක් ලැබී නොමැති බවත් ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමසා බැලීමට අපේක්‍ෂා කරන පියවර පිළිබඳව නිශ්චිතවම මෝසමක් මගින් අධිකරණය දැනුවත් කිරීමට අපේක්‍ෂා කරන බවත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පි‍්‍රයන්ත නාවාන මහතා ඊයේ  (13 දා) අධිකරණයට දැනුම් දුන්නේය.

එම නඩුවේ දසවන විත්තිකාර අජාන් ගාර්දිය පුංචිහේවා මේ වනවිට මැලේසියාවේ පදිංචිව සිටිනා බැවින් ඔහු මෙරටට ගෙන්වා ගැනීමට උධර්පන නීතිය හා අපරාධ සම්බන්ධයෙන් අන්‍යෝන්‍ය සහයෝගිතා පනත අනුව පියවර ගත් නමුත් යහපත් ප‍්‍රතිචාරයක් ලැබී නොමැති බවත් ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පි‍්‍රයන්ත නාවාන මහතා වැඩිදුරටත් අධිකරණයට කීවේය.

එම විත්තිකරුවන් දෙදෙනා නොමැතිව නඩු විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සාක්‍ෂි ලබාදීමට පැමිණිල්ලේ ඉල්ලීම පරිදි කැඳවා සිටි සාක්‍ෂිකරුවන් පස්දෙනාට ලබන නොවැම්බර් 2 වැනිදා යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට අවවාද කළ විනිසුරු මඬුල්ල එම නඩුව එදින කැඳවීමට නියෝග කළහ. එම නඩුවේ අටවන විත්තිකරු වන පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ අධ්‍යක්‍ෂවරයකු ලෙස කටයුතු කළ චිත්ත රන්ජන් හුළුගල්ලේ නමැත්තා වෛi ප‍්‍රතිකාර ලබාගැනීම සඳහා ඇමරිකාවට යෑමට අවසර ලබාදෙන ලෙසට කර තිබූ ඉල්ලීම ද චම්පා ජානකී රාජරත්න, දමිත් තොටවත්ත හා නාමල් බලල්ලේ යන විනිසුරු මඬුල්ල විසින් එහිදී ප‍්‍රතික්‍ෂේප කරන ලදී.

ඒ. ජේ. ඒ. අබේනායක

 

advertistmentadvertistment
advertistmentadvertistment