අජිත් රෝහණ ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ධුරයට

559

ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පත්කර ඇත.

අපරාධ, රථවාහන අංශ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට අමතරව ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ධුරය ද අජිත් රෝහණ මහතා විසින් දරනු ඇත.

මේ අතර පොලිස් මාධ්‍ය ඒකකය සහ මාධ්‍ය ප‍්‍රකාශකවරයා ලෙස කටයුතු කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්¥ව මහතා තවදුරටත් එම තනතුරුවල රාජකාරි කරන බවද පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පැවසීය.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment