අටවාගත් සමාගමකට යුගදනවි කොටස් විකිණීමට නීතිපති අනුමැතිය දුන්නේ කෙසේද?

260

යුගදනවි බලාගාරයේ කොටස් ශ‍්‍රී ලංකා පවර් හෝල්ඩිංස් ලෙස අටවාගත් සමාගමට විකිණීම සඳහා නීතිපති අනුමැතිය ලබා දුන්නේ කෙසේදැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා ඊයේ (14 වැනිදා) රජයෙන් ප‍්‍රශ්න කළේය.

මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කර ඇති කැබිනට් සංදේශය අනුව එම බලාගාරයේ කොටස් විකිණීම සඳහා නීතිපති අනුමැතිය ලැබී ඇත්තේ නිව් පෝට‍්‍රස් සමාගමට බව කී හෙතෙම, එසේ තිබියදී අටවාගත් සමාගමක් වෙත එහි කොටස් විකිණීම බරපතළ වංචාවක් බව ද කීවේය. මෙම හොර ගිවිසුම් හරහා සිදුව ඇත්තේ එකී බලාගාරයේ සියයට 40 ක කොටස් ලබා ගැනීම පමණක් නොව සේවක අර්ථසාධක අරමුදල සතු කොටස් ද ලබා ගැනීම බවද ඒ මහතා පැවසීය.

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා ඊයේ එම අදහස් පළ කළේ පැලවත්ත බත්තරමුල්ලේ පිහිටි එම පක්ෂ ප‍්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment