අට හැවිරිදි දැරියකට ලිංගික අතවර

257

සැකකාර සුළු පියා අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂණ

දොඹගහවෙල පොලිස් වසමට අයත් ඉඳිගස්ඇල්ල ප්‍රදේශයේ පදිංචි අවුරුදු අටයි මාස තුනක් වයසැති දැරියකට බරපතළ ලිංගික අතවරයක් සිදුකිරීම සම්බන්ධයෙන් දැරියගේ මවගේ දෙවැනි ස්වාමිපුරුෂයා අත්අඩංගුවට ගැනීමට දොඹගහවෙල පොලිසිය පරීක්ෂණ ආරම්භකර ඇත.

මෙම දැරිය සමග ඉකුත් (13) වැනිදා දැරියගේ සුළුපියා ඇය සමග වෙළෙඳ සැලකට යමින් සිටිය දී ඉඳිගස්ඇල්ල පාළු ළිඳක් අසල දී ඇයට බරපතළ ලිංගික අතවර සිදුකර ඇත.

දැරිය නිවසට පැමිණ එදින රාත්‍රී ආහාරය ද නොගෙන නින්දට ගොස් ඇති අතර පසුදින පාසල් යෑමට ද අවදිවී නැත.

ඒ පිළිබඳව මව විසින් ඇයගෙන් ප්‍රශ්න කිරීමේ දී බාප්පා ඇයට අතවර සිදුකළ බව පවසා ඇත. දැරියගේ මවට සැකකරුගේ පීතෘත්වයෙන් තවත් වසරක් වයසැති පිරිමි දරුවකු සිටින අතර සැකකරු 28 වැනි වියෙහි පසුවේ. සිද්ධිය පිළිබඳව මව විසින් දොඹගහවෙල පොලිසියට පැමිණිලිකර ඇති අතර දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත්කර ඇත. සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට දොඹගහවෙල පොලිසිය පරීක්ෂණ ආරම්භකර ඇත.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment