අඩි හතක් දිග මිනිමුතු මෝරෙක් ගොඩගහලා

232

 මුලතිව්, අලම්පිඞ්ඩි උතුරු ප‍්‍රදේශයේ වෙරළ තීරයට මිය ගිය මිනිමුතු මෝරෙකුගේ සිරුරක් ගොඩ ගසා තිබියදී ධීවරයන්ට හමුවී තිබේ. මෙම මෝරා අඩි 07 ක් පමණ දිගින් යුත්ත වන අතර පසුගියදා වෙරළ තීරයේ තිබී මෙම මිනිමුතු මෝරාගේ සිරුර ධිවරයන්ට හමුවී තිබේ.
 
 මෙම සත්වයා ධීවර බෝට්ටුවක එන්ජිමට හසුවී මෙසේ මිය යන්නට ඇති බවට සැකකරනු ලබන අතර මේ පිළිබඳව ධිවර පරීක්ෂක නිලධාරීන් දැනුවත් කොට තිබේ.
 
 ඒ අනුව අදාළ නිලධාරීන් හා වනජීවි නිලධාරීන් හා පොලිසිය පැමිණ මෙම මාළුවාගේ සිරුර වෙරළෙන් ඉවත් කොට පරීක්ෂණ කටයුතු සඳහා රැුගෙන ගොස් තිබේ.


 මුලතිව් – ප‍්‍රසන්න ප‍්‍රදීප්

advertistmentadvertistment
advertistmentadvertistment