අඩි හයක් දිග මුහුදු ඌරෙක් ගොඩගහලා

341

යාපනයේ වේලනෙයි සාට්ටික් මුහුදු වෙරළට මියගිය විශාල මුහුදු ඌරෙකුගේ මළ සිරුරක් 28 දා ගොඩගසා තිබේ.
 
මෙම මුහුදු ඌරා දිගින් අඩි හයක් පමණ වන අතර කිලෝ ග‍්‍රෑම් 250 ක් පමණ බර වූ අතර පළාතේ ධීවරයන් පිරිසක් විසින් මුහුදු ඌරාගේ මළ සිරුර දැක ධීවර පරීක්ෂක නිලධාරීන්ට දැනුම් දී තිබේ.
 
ධීවර නිලධාරීන් හා වන ජීවී නිලධාරීන් විසින් සිදු කළ පරීක්ෂණවලදී මුහුදු ඌරා මියයෑමට හේතුව පැහැදිලිව සොයා ගැනීමට නොහැකි වීම නිසා ශරීර කොටස් කිහිපයක් රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා තිබේ. වේලනෙයි ප‍්‍රාදේශීය සභාවේ මැදිහත් වීමෙන් මුහුදු ඌරාගේ ඉතිරි වූ මළ සිරුරු කොටස් වළ දමා ඇත.

 දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment