අඩි 30 ක් උස එළවළු නත්තල් ගසක්

243

ජනතාව අතර කෘෂි භෝග හා ගෙවතු වගාව ප්‍රචලිත කිරීමේ අරමුණින් මෙවර නත්තල් සඳහා එළවළු පැළවලින් නිර්මාණය කරන ලද නත්තල් ගසක් කොළඹ ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසල වටරවුමේ මේ වනවිට නිර්මාණය කර තිබේ.

උස අඩි 30 ක් පමණ වන මෙම නත්තල් ගස සජීවී එළවළු පැළ සහිත පෝච්චි 2000 කින් පමණ සමන්විත වෙයි. කන්කුන්, රතු තම්පලා, නිවිති, බටු, ගෝවා, බණ්ඩක්කා, දං ගෝවා, මිරිස් ආදී පැළවර්ග රැසක් මෙම ගස අලංකාර කිරීමට භාවිතා කර ඇත.

ප්‍රදර්ශන කාලයෙන් අනතුරුව පැළ ජනතාව අතර සහ බොරැල්ල ප්‍රදේශයේ පාසලක භූමි වගාවකට ලබාදීමට කටයුතු කරන බව නත්තල් ගස නිර්මාණය කළ Softlogic life Insurance PLC ආයතනය සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment